SKIP TO MAIN CONTENT

මත්ද්‍රව්‍ය හඳුනාගැනීමේ තාක්ෂණික මෙවලම් නැතිව පොලීසිය මෙතෙක් කල් වැඩකලේ කොහොමද? ජනපති මෛත්‍රී පුදුම වෙයි.

President Maithripala Sirisena_president of Sri Lanka
President Maithripala Sirisena_president of Sri Lanka

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ශ්‍රී ලංකාව තුල මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙලක් සඳහා අවශ්‍ය නවීන තාක්ෂණික ක්‍රමෝපායන් කිසිවක් නොමැති බව දැනගැනීමට ලැබීමෙන් තමා විමතියට පත්වුණු බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළේ දී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරින් ඇගැයීම වෙනුවෙන් ඊයේ (Jan 28) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති ,ජනපති ප්‍රශංසා ඇගැයීම් උලෙළ අමතමිනි.

තමා පසුගියදා සිදු කළ පිලිපීන සහ සිංගප්පුරු සංචාරවල දී එම රටවල් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ වෙනුවෙන් තාක්ෂණික සහය උපයෝගී කොට ගන්න අයුරු තමා නිරීක්ෂණය කල බවත් ලොව බොහෝ රටවල් භාවිත කරන එම තාක්ෂණික දැනුම දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවට ලබා ගැනීමට මෙතෙක් එම විෂයභාරව කටයුතු කළ දේශපාලනඥයන් කටයුතු කර නොමැති බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශකොට සිටියේය. එසේම මත්ද්‍රව්‍ය ජවරමෙහි යෙදෙන්නන් හට මරණිය දණ්ඩනය ලබාදීමට කටයුතු කලයුතු බවද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී අවධාරණය කොට සිටියේය.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now