SKIP TO MAIN CONTENT

Brexit ගිවිසුමට යුරෝපා සංගමයේ නායකයින් අත්සන් තබයි.

Brexit deal
EU leaders Donald Tusk and Michel Barnier have agreed on a 580-page treaty that sets terms for Britain's withdrawal from the bloc Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ගිවිසුම හෙවත් Brexit ගිවිසුමට යුරෝපා සංගමයේ නායකයින් ඊයේ අත්සන් තැබීය.

බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත්වීම සහ ඉන් අනතුරුව යුරෝපය සමග මිත්‍රශීලීව කටයුතු කරන්නේ කෙසේද යන්න එම ගිවිසුමේ සඳහන්ව තිබේ.

2016 වසරේ ජුනි මාසයේදී පැවති ජනමත විචාරණයකදී බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට බ්‍රිතාන්‍ය ජනතාවගෙන් බහුතරය කියා සිටියේය.

එතැන් පටන් ඊයේ දිනයේ මෙම ගිවිසුම අත්සන් කරන තෙක් ඊට සහය දුන් සැමටම බ්‍රිතාන්‍ය අගමැතිනී Theresa May ස්තුතිවන්ත විය.

යුරෝපා සංගමය විසින් මෙම Brexit ගිවිසුම අත්සන් කළද එය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ සම්මත කරගැනීම බ්‍රිතාන්‍ය අගමැතිනියට ඇති මීළඟ අභියෝගය වේ.

බ්‍රිතාන්‍යයේ විපක්ෂය මෙම Brexit ගිවිසුමට එකහෙළා විරුද්ධ බව විපක්ෂ නායක Jeremy Corbyn පවසයි.

එමෙන්ම බ්‍රිතාන්‍ය අගමැතිනී Theresa May නියෝජනය කරන Conservative පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ද ඊට විරුද්ධත්වය  පාමින් සිටියි.

මේ මොහොතේදී මෙයට විරෝධය නොපා සහය ලබා දෙන ලෙසත් බ්‍රිතාන්‍යයට සහ යුරෝපයට මේ මොහොතේ ඇති හොඳම ගිවිසුම මෙය බවත් යුරෝපා කොමිසමේ ප්‍රධානී  Jean-Claude Junker පැවසුවේය.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now