ඕස්ට්‍රේලියාවේ නව රජයේ බදු සහන ලබා ගැනීමට තවත් කලක් සිටීමට සිදුවන ලකුණු ...(SBS සිංහල / වාර්තා)

scott

Source: AAP

මිලියන 10ක් වන ඕස්ට්‍රේලියානුවන්ට ලබා දෙන බදු සහන ලබා ගැනීමට මැතිවරණයේ චන්ද ගණන් කිරීම සිදුවන තෙක් බලා සිටීමට සිදු වනු ඇති . නමුත් රජය මීට පෙර ප්‍රකාශ කොට තිබුනේ අඩු ආදායම් ලබීන්ට ලබා දෙන ඩොලර් 1080 ක් ලබා දෙන බවයි . රජය මැතිවරණ ප්‍රචාරණ වැඩසටහනේදී ඒ බව සදහන් කොට තිබුනා.

නමුත් දැන් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ මේ මුල්‍ය වර්ෂයේ බදු ප්‍රතිලාභය ලබා ගැනීමේදී ජුලි 1 වැනිදාට පෙර එය ක්‍රියාත්මක කිරීම අපහසු වනු ඇති බවයි. ඒ නිසා ඔට්රෙලියානු බදු කාර්යංශයට සිදු වන්නේ ආපසු ගෙවීමක් ලෙස එම දීමනාව ගෙවීමටයි.

එය බදු කාර්යංශයට පීඩනයක් වනු ඇති බවද සදහන්. Scott Morrison මහතා පවසා ඇත්තේ හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැදවීමට ඔහු බලාපොරොත්තු වන බවයි . නමුත් වත්මන් තත්වය යටතේ ජුනි මස 30 වැනිදාට පෙර එය සිදුකිරීමට තත්වයක් උදා නොවනු ඇති බවයි 

නමුත් මීට පෙර භාණ්ඩාගාරික Josh Frydenberg පවසා තිබුනේ ජුලි 1 වැනිදාට පෙර මෙම බදු සහනය ලබා දීමට හැකි වනු ඇති බවයි. ඒ සදහා කිසිදු බාධාවක් නොමැති බවද ඔහු පවසා තිබුනා.

කම්කරු පක්ෂයේ චායා භාණ්ඩාගාරික Chris Bowen පවසා ඇත්තේ මෙය රජයේ පොරොන්දු කඩ කිරීමක් බවයි. ජනතාවට මෙම සහන සදහා තවත් වසරක් බලා ගෙන සිටීමට සිදු වීම අග්‍රාමාත්‍යවරයාගේ වගකීම පැහර හැරීමක් ලෙස ඔහු පවසනවා.

සෙනට් සභාවේ සහය

රජයට මෙම බදු සහන සම්මත කර ගැනීමට Greens පක්ෂය හා කම්කරු පක්ෂය ඇතුළු සෙනට් සහය ලබා ගැනීමටද සිදු වේ .

ලිබරල් පක්ෂයේ Zed Seselja පවසන්නේ කම්කරු පක්ෂ සහය මේ යෝජනවට ලැබිය යුතු බවයි . නමුත් Greens පක්ෂය මේ සදහා සහය නොදෙන බවට පවසා තිබේ. ඔවුනට ආසන 9ක් හිමිව තිබේ . ග්‍රීන්ස් නායක Richard Di Natale පවසන්නේ අඩු ආදායම් ලබීන්ට ලබා දෙන සහන පිලිබදව පමණක් ඔවුන් අවධානය යොමු කරන බවයි

card
Source: SBS

2 min read

Published

By Charitha Adikari

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now