ඇමැති ධුර 14ක් අද වෙනස් වෙන ලකුණු.

Sri Lanka Politics

Source: SL Parliament

අද (22/05) දිනයේදී සිදු කිරීමට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනයේදී එජාපයට හිමි ඇමැතිධුර අටක ද ශ්‍රීලනිපයට හිමි ඇමැතිධුර හයක ද සංශෝධනයක් සිදුවිය හැකි බව රජයේ ආරංචි මාර්ග කියයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඊයේ (21/05) රාත්‍රී ජනාධිපති නිල නිවසේ දී හමුවී කැබිනට් මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීන්දුවකට එළැඹි බව ද වාර්තා වේ.

ඇමැති ධුරවලට අමතරව ඒ ඒ අමත්‍යංශවලට අයත් විෂයන් හා ආයතන පිළිබඳව ද ජනාධිපතිවරයා හා අගමැතිවරයා තීන්දු තීරණවලට එළැඹි බව ද පැවසේ.

මෙම කැබිනට් මණ්ඩල සංශෝධනයේ දී බොහෝ දුරට මුදල් අමාත්‍ය ධුරය මංගල සමරවීර මහතාටත් විදේශ කටයුතු ඇමැති ධුරය රවී කරුණානායක මහතාටත් හිමිවීමේ ඉඩකඩක් පවතින බව ද රජයේ ඉහළ ආරංචි සඳහන් කරයි.


1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Daily Mirror



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now