වැඩිහිටි අපයෝජනය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ඇටෝර්නි බලය සම්බන්ධ නීති සංශෝධනය කිරීමට සූදානම් වේ.(පුවත් කෙටියෙන්)

Power of Attorney

Power of Attorney Source: E+

දරුවන්, වැඩිහිටියන්ව සොරා කෑම  වැළක්වීම උදෙසා ඔස්ට්‍රේලියාවේ ඇටෝර්නි බලය සම්බන්ධ නීති සංශෝධනය කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

මේ සම්බන්ධ යෝජනා පත්‍රයක් (discussion paper) නීති ප්‍රතිසංස්කරණ කොමිසම මගින් නිකුත් කර ඇති අතර වැඩිහිටි අපයෝජනය සම්බන්ධ නීති සංශෝධනය පිළිබඳ එහිදී වැඩි අවධානයක් යොමු වනු ඇත.

ඔස්ට්‍රේලියාව තුළ වැඩිහිටි අපයෝජනය බහුලවම සිදුවන්නේ දුෂ්කර ප්‍රදේශ වල සහ ඉංග්‍රීසි පසුබිමක් නොමැති පසුබිම් වල බව වාර්තා වේ.

මානසිකමය සහ ආර්ථිකමය ( දේපල හිමිකම්) යන ආකාර ද්විත්වයෙන්ම වැඩිහිටි අපයෝජනය බහුලවම දක්නට ලැබෙන බවද එය පෙන්වා දෙයි.

ඒ අනුව එවැනි සිදුවීම් පිළිබඳ දැඩි සාක්ෂි සහ වාර්තා කිරීමේ අවශ්‍යතාව පිළිබඳ නීති සංශෝධනය වනු ඇති අතර ආර්ථිකමය අපයෝජනය වලක්වා ලීමට බැංකුවල අවශ්‍යතාව පිළිබඳවද සඳහන් කර ඇත. 

ඔස්ට්‍රේලියාව තුළ ඇටෝර්නි බලය අපයෝජනය කිරීම සුළු පිරිසක් විසින් සිදු කරන බවද වැඩිහිටියන් පිළිබඳ කවුන්සිලයේ ප්‍රධාන විධායක Ian Yates පැවසුවාය. 


Share

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service