SKIP TO MAIN CONTENT

වැඩිහිටි අපයෝජනය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ඇටෝර්නි බලය සම්බන්ධ නීති සංශෝධනය කිරීමට සූදානම් වේ.(පුවත් කෙටියෙන්)

Power of Attorney
Power of Attorney Source: E+

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

දරුවන්, වැඩිහිටියන්ව සොරා කෑම  වැළක්වීම උදෙසා ඔස්ට්‍රේලියාවේ ඇටෝර්නි බලය සම්බන්ධ නීති සංශෝධනය කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

මේ සම්බන්ධ යෝජනා පත්‍රයක් (discussion paper) නීති ප්‍රතිසංස්කරණ කොමිසම මගින් නිකුත් කර ඇති අතර වැඩිහිටි අපයෝජනය සම්බන්ධ නීති සංශෝධනය පිළිබඳ එහිදී වැඩි අවධානයක් යොමු වනු ඇත.

ඔස්ට්‍රේලියාව තුළ වැඩිහිටි අපයෝජනය බහුලවම සිදුවන්නේ දුෂ්කර ප්‍රදේශ වල සහ ඉංග්‍රීසි පසුබිමක් නොමැති පසුබිම් වල බව වාර්තා වේ.

මානසිකමය සහ ආර්ථිකමය ( දේපල හිමිකම්) යන ආකාර ද්විත්වයෙන්ම වැඩිහිටි අපයෝජනය බහුලවම දක්නට ලැබෙන බවද එය පෙන්වා දෙයි.

ඒ අනුව එවැනි සිදුවීම් පිළිබඳ දැඩි සාක්ෂි සහ වාර්තා කිරීමේ අවශ්‍යතාව පිළිබඳ නීති සංශෝධනය වනු ඇති අතර ආර්ථිකමය අපයෝජනය වලක්වා ලීමට බැංකුවල අවශ්‍යතාව පිළිබඳවද සඳහන් කර ඇත. 

ඔස්ට්‍රේලියාව තුළ ඇටෝර්නි බලය අපයෝජනය කිරීම සුළු පිරිසක් විසින් සිදු කරන බවද වැඩිහිටියන් පිළිබඳ කවුන්සිලයේ ප්‍රධාන විධායක Ian Yates පැවසුවාය. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now