SKIP TO MAIN CONTENT

නිව් සවුත්වෙල්ස් ප්‍රාන්තයේ ලැව්ගිනි පාලනයෙහි යෙදෙන ස්වේච්ඡා සේවකයන්ට මූල්‍ය වන්දි ලබා දෙන ලෙසට රජයෙන් ඉල්ලීමක් : රජය බැහැ කියයි

Rural fire fighters refill their fire trucks
As fires continue to burn across Queensland, authorities are turning their attention to recovery. Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වෙල්ස් ප්‍රාන්තය පුරා පැතිර ඇති ලැව්ගිනි පාලනය කිරීම සඳහා වැඩ කරන ස්වේච්ඡා සේවකයන්ට මූල්‍ය වන්දි ලබා දෙන ලෙසට නිව් සවුත් වේල්ස් ගිනි නිවන භටයින්ගේ සංගමය ෆෙඩරල් රජයෙන් ඉල්ලා සිටී.

සංගමයේ සභාපති මික් හෝල්ටන් පවසන්නේ ගින්න මැඩපැවැත්වීම සඳහා වන පිරිවැය හඳුනා ගැනීමට ප්‍රාන්ත සහ ෆෙඩරල් මට්ටමේ රජයන් අපොහොසත් වී ඇති බවයි.

ලැව්ගිනි නිවීම සඳහා සහභාගීව සිටින බොහෝ ස්වේච්ඡා සේවකයන් තම සාමාන්‍ය වැටුප් සහිත රැකියා අතහැර දමා මෙම ප්‍රජා සේවයට ස්වේච්චාවෙන් සහභාගීව ඇති අතර ඔවුන් දැන් මූල්‍යමය වශයෙන් අරගලයක යෙදී සිටින බව ද ඔහු පවසයි.

එහෙත් ස්වේච්ඡා ගිණි නිවීමේ නිලධාරීනට මුදල් ගෙවිය යුතු බවට කෙරෙන ඉල්ලීම් මධ්‍යම සහ ප්‍රාන්ත රජයන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අතර, ඕස්ට්‍රේලියාවේ පෙර නොවූ විරූ අයුරින් ලැව්ගිනි තර්ජනයකට මුහුණදී සිටින හෙයින් අගමැති ස්කොට් මොරිසන් ප්‍රමුඛ වත්මන් සන්ධාන රජයේ දේශගුණික විපර්යාසයට මුහුණදීම සඳහා වන ප්‍රතිපත්තීන් තවදුරටත් විවේචනයට ලක්වෙයි. විශේෂයෙන් ඉහළ යන උෂ්ණත්වය සහ නියඟ තත්ව වලට මුහුණ දීම සඳහා වන රජයේ හදිසි අපදා ප්‍රතිපත්තීන් සහ ඒ පිළිබඳව අගමැතිවරයාගේ දැක්ම මෙලෙස විවේචනයට ලක්වෙමින් පවතී.

එසේම මේ සම්බන්දයෙන් රජය විවේචනයට ලක්කරන පාර්ශව විසින් පෙන්වා දී ඇත්තේ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් රජය පාර්ශව දෙකකට බෙදී ඇති බවයි.

නියෝජ්‍ය අගමැති මයිකල් මැකෝමැක් දේශගුණික විපර්යාසය හේතුවෙන් ඇතිව තිබෙන පාරිසරික වෙනස්වීම් සඳහා රජය මිට වඩා මැදිහත් වියයුතු බව පවසා තිබේ. එහෙත් අගමැති ස්කොට් මොරිසන් විශ්වාස කරන්නේ පක්ෂයේ වත්මන් ප්‍රතිපත්තිය මේ සඳහා ප්‍රමාණවත් බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now