ප්‍රජා නීති මධ්‍යස්ථානයන්හි ප්‍රතිපාදන කප්පාදුව අහෝසි කරන ලෙස විපක්ෂය ඉල්ලයි.

ප්‍රජා නීති සේවාවන්හි ප්‍රතිපාදන කප්පාදුව අහෝසි කරන ලෙස කම්කරු පක්ෂය, ග්‍රීන්ස් පක්ෂය සහ ටස්මේනියානු සෙනට් සභික Jacqui Lambie එක්ව ලිබරල් සන්ධාන රජයට බල කර සිටිති.

funding cuts to Community Legal Centres

Source: SBS

ප්‍රජා නීති සේවාවන්හි ප්‍රතිපාදන කප්පාදු කිරීම් වහාම අහෝසි කරන ලෙස ඔස්ට්‍රේලියාවේ මධ්‍යම විපක්ෂය රජයෙන් ඉල්ලා සිටියි.

ප්‍රජා නීති සේවාවන් සඳහා රජය විසින් සිදු කරගෙන යනු ලබන 30% ක ප්‍රතිපාදන කප්පාදුව නවත්වන ලෙස කම්කරු පක්ෂය, ග්‍රීන්ස් පක්ෂය සහ ටස්මේනියානු සෙනට් සභික Jacqui Lambie එක්ව ලිබරල් සන්ධාන රජයෙන් ඉල්ලයි.

ඔස්ට්‍රේලියාව පුරා වැඩි වශයෙන්ම අසාධාරණයට ලක්වන ජනතාව සඳහා ප්‍රජා නීති මධ්‍යස්ථාන සේවය සපයන බව විපක්ෂයේ නීතිපති නියෝජිත  Mark Dreyfus පවසයි.

ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් අවදානමට ලක්ව ඇති ජනතාව ගේ නීති ආධාර කප්පාදුව නින්දා සහගත කරුණක් බව ටස්මේනියානු සෙනට් සභික Jacqui Lambie පවසයි.

funding cuts to Community Legal Centres
Source: Twitter

“සුබ සාධන පහසුකම් ලැබෙන ජනතාවට අත නොතබන්න. ඔවුන්ව තලා පෙලුවා ඇති. නීතිය ඉදිරියේදී ඔවුන්ගේ යුක්තිය ඔප්පු කිරීමට ඇති නිදහස ලබා දෙන්න.” Jacqui Lambie පැවසුවාය.

අපගේ රටේ අවදානමට ලක්ව ඇති බොහෝ පිරිසකට නීතියේ සහය ලබා ගැනීමට කටයුතු කිරීම මෙහි අරමුණ බව ග්‍රීන්ස් පක්ෂයේ සෙනට් සභික Nick McKim පවසයි.

funding cuts to Community Legal Centres
Source: Twitter

“අවාසනාවකට මුදල් නොමැති පුද්ගලයින් හට නීතිය ඉදිරියේ තමන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීමට නොහැකි වී ඇති අතර ඔවුන් විවිධ ගොදුරු බවට පත්වේ.” Nick McKim වැඩි දුරටත් පැවසීය.

ප්‍රතිපාදන කප්පාදුව අතිශය බරපතල බලපෑමක් සිදු කරයි.

මෙම ප්‍රතිපාදන කප්පාදුව අතිශය බරපතල බලපෑමක් සිදු කරන බව ප්‍රජා නීති මධ්‍යස්ථාන වල ජාතික සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී Nassim Arrage පවසයි.

මෙම තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රජා නීති මධ්‍යස්ථාන වසා දමන තත්ත්වයක් ඇතිවී ඇති අතර ඇතැම් මධ්‍යස්ථාන වලින් ලබා දෙන ප්‍රධාන සේවාවන් නවතා දැමීමට ද සිදුව ඇති බව ඔහු පවසයි.

මේ තත්ත්වය මත ඇබෝර්ජීනියානු නීති සේවා වැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව විපක්ෂයේ නීතිපති නියෝජිත  Mark Dreyfus පවසයි.

මෙම ප්‍රතිපාදන කප්පාදුව එළඹෙන ජූලි 01 වන දින සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.


2 min read

Published

Updated

By Madhura Seneviratne, Nakari Thorpe

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now