ඔස්ට්‍රේලියාවේ ලිංගික ක්‍රියාවලදී නොදන්වා කොන්ඩම් ඉවත්කිරීම අපරාධ වරදක් බවට පත් කිරීමට ඉල්ලීම් (SBS සිංහල/ වාර්තා)

Stealthing යනු ලිංගික ක්‍රියාවලදී සහකරුගේ අනුදැනුමකින් හෝ කැමැත්තකින් තොරව කොන්ඩමයක් ඉවත් කිරීම හෝ කොන්ඩම් භාවිතා කිරීමේ කොන්දේසිය මත කොන්ඩම් භාවිතා කිරීමට අනුමැතිය ලබා දීමෙන් පසු එය භාවිතා නොකිරීමය.

A general view of condoms.

'Stealthing' has serious physical and mental health ramifications, including STI’s, unwanted pregnancies and post-traumatic stress. Source: AAP

Stealthing හෙවත් ලිංගික ක්‍රියාවලදී එකඟතාවයකින් තොරව කොන්ඩම් ඉවත් කිරීමේ ක්‍රියාව අපරාධ වරදක් බවට නම් කරන ලෙස කාන්තා හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම්, අපරාධවේදීන් සහ නීතීඥයින් විසින් ඉල්ලයි.

මෙම Stealthing ක්‍රියාව Australian Capital Territory තුළ අපරාධ වරදක් බවට මේ වන විට සැලකේ.


Highlights

  • Stealthing අපාරාධ වරදක් බවට Australian Capital Territory රජය සම්මත කර තිබේ.
  • Stealthing යනු ලිංගික ක්‍රියාවලදී සහකරුගේ අනුදැනුමකින් හෝ කැමැත්තකින් තොරව කොන්ඩමයක් ඉවත් කිරීම හෝ කොන්ඩම් භාවිතා කිරීමේ කොන්දේසිය මත කොන්ඩම් භාවිතා කිරීමට අනුමැතිය ලබා දීමෙන් පසු එය භාවිතා නොකිරීමය.
  • මෙය තවමත් ඔස්ට්‍රේලියානු අධිකරණයකදී පරීක්‍ෂා කිරීමට නියමිත නමුත් විද්වතුන් ඒ පිළිබඳ ධනාත්මකව නොසලකයි.

Stealthing

Stealthing යනු ලිංගික ක්‍රියාවලදී සහකරුගේ අනුදැනුමකින් හෝ කැමැත්තකින් තොරව කොන්ඩමයක් ඉවත් කිරීම හෝ කොන්ඩම් භාවිතා කිරීමේ කොන්දේසිය මත කොන්ඩම් භාවිතා කිරීමට අනුමැතිය ලබා දීමෙන් පසු එය භාවිතා නොකිරීමය.

ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන හා රෝග, අනවශ්‍ය ගැබ් ගැනීම් සහ post-traumatic stress ඇතුළුව බරපතල ශාරීරික හා මානසික සෞඛ්‍ය ප්‍රතිවිපාක සඳහා එය මඟ පාදයි.

මෙම ක්‍රියාව සාමාන්‍ය දෙයක් බව දත්ත වලින් පෙන්නුම් කෙරේ.

Monash විශ්ව විද්‍යාලය සහ මෙල්බර්න් ලිංගික සෞඛ්‍ය මධ්‍යස්ථානය විසින් 2018 වසරේදී පුද්ගලයින් 2,000 ක් සම්බන්ධ කරගනිමින් සමීක්‍ෂණයක් කරන ලදී.

එහිදී කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු සහ පිරිමින් පස් දෙනෙකුගෙන් එක් අයෙකු ලිංගිකව හැසිරෙන විටදී මෙම Stealthing හෙවත් සහකරුගේ අනුදැනුමකින් තොරව කොන්ඩම් ඉවත් කිරීමේ අත්දැකීම ලබා ඇති බව එහිදී අනාවරණය විය.

2019 වසරේදී ඇමෙරිකාවේ වයස අවුරුදු 21 ත් 30 ත් අතරේ පසුවෙන පිරිමින් 626 දෙනෙකු සම්බන්ධ කරගෙන සිදුකළ සමීක්ෂණයකදී 10% ක් පිරිස ලිංගික ක්‍රියාවලියකදී සහකරුගේ අනුදැනුමකින් තොරව කොන්ඩම් ඉවත් කර ඇති බවත් ඔවුන් එය සාමාන්‍යයෙන් තම ජීවිත කාලය තුළදී තුන් හතර වරක් කර ඇති බවත් පිළිගෙන තිබේ.

Stealthing අපාරාධ වරදක් බවට ACT සම්මත කරයි

Stealthing අපාරාධ වරදක් බවට Australian Capital Territory රජය සම්මත කර තිබේ.

එමෙන්ම පසුගිය සිකුරාදා මෙවැනිම වූ නීතියක් ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ද සම්මත කෙරිණි.

ඒ සමගම මෙවන් නීතියක් ඇමෙරිකාවේ සම්මත කළ පළමු ප්‍රාන්තය බවටද කැලිෆෝනියාව පත්වී ඇත.

"ලිංගික සංසර්ගයේදී කොන්ඩම් භාවිතා කරන බවට එකඟ වීමෙන් පසුව එම ලිංගික ක්‍රියාවලියේදී සහකරුට හෝ සහකාරියට හිතාමතා නොදන්වා කොන්ඩමයක් ඉවත් කිරීම හෝ කොන්ඩමයක් පැළඳ නොසිටීම" Stealthing ලෙස ACT හි නීතියේ අර්ථ දක්වා ඇත.

නවසීලන්තයේද Stealthing යනු ලිංගික අතවරයක් බව පැහැදිලි කිරීම සඳහා මේ වසර මුලදී මේ සම්බන්ධයෙන් සිදුකළ නඩු කටයුත්තක් නීතිමය පූර්වාදර්ශයක් ලෙස දී තිබේ.

පසුගිය අප්‍රේල් මාසයේදී Wellington නුවර පුරුෂයෙකුට ස්ත්‍රී දූෂණ චෝදනාවකට වරදකරු වී වසර තුනකට වැඩි සිර දඬුවමක් නියම විය.

ලිංගික සංසර්ගයකදී ඔහු දෙවරක් කොන්ඩමය ඉවත් කිරීම එහිදී වරද බවට ප්‍රකාශ විය.

එම ක්‍රියාව අදාළ කාන්තාවගේ සෞඛ්‍යයට බරපතල තර්ජනයක් වූ බවත් දැඩි මානසික ආතතියක් ඇති කළ බවත් විනිසුරුවරයා කියා සිටියේය.

මීට අමතරව එක්සත් රාජධානිය, ස්විට්සර්ලන්තය, කැනඩාව සහ ජර්මනිය යන රටවලද මෙය වරදක් බවට නීතිගත කර තිබේ.
Dr Brianna Chesser is a criminologist at RMIT University, a criminal lawyer and clinical psychologist.
Dr Brianna Chesser is a criminologist at RMIT University, a criminal lawyer and clinical psychologist. Source: Brianna Chesser/supplied

ඔස්ට්‍රේලියාව තුළ නීතිමය ගැටලුවක්

අනුමැතියකින් තොරව සිදුකරන බැවින් ඔස්ට්‍රේලියාව පුරාම stealthing නීති විරෝධී බවට නීති තර්කයක් පවතී.

කොන්ඩමයක් භාවිතා කිරීමේ කොන්දේසිය මත සහකරුවෙකු ලිංගික ක්‍රියාවකට එකඟ විය හැකිය.

එබැවින් එම සහකරුගේ අනුදැනුමකින් හෝ අවසරයකින් තොරව එම කොන්ඩමය ඉවත් කිරීම එම අනුමැතිය ලබාදීම උල්ලංඝනය කරයි.

මෙය තවමත් ඔස්ට්‍රේලියානු අධිකරණයකදී පරීක්‍ෂා කිරීමට නියමිත නමුත් විද්වතුන් ඒ පිළිබඳ ධනාත්මකව නොසලකයි.

"එයට පැහැදිලි පිළිතුරක් නැහැ, හොඳම පිළිතුර නම් එය විය හැකි බවයි." යනුවෙන් RMIT විශ්ව විද්‍යාලයේ අපරාධවේදය පිළිබඳ ආචාර්ය Brianna Chesser, SBS පුවත් සේවයට පැවසුවාය.

මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව පුරා පැහැදිලි නීති හඳුන්වා දෙන ලෙස ඇය ඉල්ලා සිටින්නේ එබැවිනි.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


විශාල ගැටලුවක්

මෙය දැවැන්ත ගැටලුවක් වන අතර මෙය අප සිතනවාට වඩා විශාල ගැටලුවක් බව ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී දූෂණ පිටුදැකීමේ හා ගෘහස්ත හිංසන පිටුදැකීමේ සේවා ප්‍රධාන විධායක නිලධාරීනි Hayley Foster, SBS  පුවත් වෙත පැවසීය.

"ලිංගික හිංසනයෙන් සෘජුවම පීඩාවට පත් වූ මිනිසුන්ට සහය දක්වන ඉදිරි පෙළේ ක්‍රියාකාරීන් ලෙස මෙය කාලයත් සමග අයහපත් අතට හැරුණු දෙයක් බව අප දන්නවා." යනුවෙන් ද ඇය ප්‍රකාශ කළාය.

නීතිය මේ පිළිබඳ පැහැදිලිව දක්වා නැති වීම නිසා එය ඇත්ත වශයෙන්ම කතා නොකළ දෙයක් වූ බව තමා සිතනවා යයි ද Hayley Foster සඳහන් කළාය.


Share

Published

Updated

By Lucy Murray, Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service