තව සති කිහිපයකින් capital's first ජාත්‍යන්තර ගුවන් ගමන් සේවා කැන්බරා නුවර සිට ආරම්භ කිරීමට සූදානම් බව වාර්තා වේ. ඒ අනුව ලොව සුප්‍රසිද්ධ ගුවන් සේවා සමාගමක් වන Singapore ගුවන් සමාගම කැන්බරා නුවර සිට සිංගප්පූරුවට සහ වෙලින්ටන් වෙත සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතය. මෙම නව ගුවන් පිවිසුම සංචාරක මෙන්ම වෙළෙඳ ක්ෂේත්‍රයටද නව අවස්ථා රාශියක් බිහි කිරීමට මග සලසනු ඇතැයි විශ්වාස කෙරේ.
කැන්බරා ගුවන් තොටුපලෙහි නව ගුවන් පර්යන්තයේ ඉදි කිරීම් කටයුතු මේ වන විට ඉතා සාර්ථකව නිම කෙරෙමින් පවතියි. එම කටයුතු අවසන් වූ වහාම එය වෙළෙඳ කටයුතු සඳහා ආසියාවට විවර වන නව දොරටුවක් වනු ඇත.
මෙම පියවරෙන් කැන්බරා නුවර තවත් ජාත්‍යන්තරකරණයට ලක්වන බවත් අනෙක් පසින් මෙය වෙළෙඳ සබඳතා සඳහා සුවිශේෂී පියවරක් ඉදිරියට තැබීමක් බවත් කැන්බරා ගුවන් තොටුපලෙහි ප්‍රධාන විධායක Stephen Byron පවසයි.
ඒ අනුව ඉදිරියේදී කැන්බරා නුවර සිටින ජාත්‍යන්තර ගුවන් මගීන් හට සිංගප්පූරුවට සහ වෙලින්ටන් වෙත ගමන් කිරීමට අවශ්‍ය වූ විට සිඩ්නි හෝ මෙල්බන් වෙත පැමිණීමට අවශ්‍ය වන්නේ නැත. කැන්බරා ගුවන් තොටුපල එම ගමනාන්ත දෙක වෙත සතියකට ගුවන් ගමන් වාර 4ක් ක්‍රියාත්මක කිරීමටද නියමිත බව වාර්තා වේ.
වසර 3ක වෑයමකින් පසුව මෙවර මෙම ක්‍රියාව පල දැරූ බව සිංගප්පුරු ගුවන් සමාගමේ නියෝජිතයකු වන Karl Schubert පැවසුවේය.
කැන්බරා නුවර ලෝකය වෙත විවර කිරීමකටත් වඩා කැන්බරා නුවර වෙළෙඳ කටයුතු සඳහා ලෝකය විවර කර දීමක් ලෙස තමන් මේ අවස්ථාව දකින බවද ඔහු පැවසීය.
මෙය සංචාරකයන්ට, ජාත්‍යන්තර සිසුන්ට සහ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට විවර කළ මාවතක් පමණක් නොව දේශීය කෘෂි නිෂ්පාදකයින් හට නිම කළ වෙළෙඳ මාවතක් බවද ගමනාගමන අමාත්‍ය Darren Chester පවසයි.
ඔස්ට්‍රේලියාවේ කෘෂි නිෂ්පාදකයින් හට සිංගප්පුරුව සහ නවසීලන්තය අතර භාණ්ඩ හුවමාරුව සඳහා මෙය කාර්යක්ෂම පිලියමක් බවද ඔහු පැවසීය.
මෙම නව ගුවන් මාර්ග හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ කෘෂි නිෂ්පාදන සඳහා ආසියාවේ කදිම වෙළෙඳ පොළක් නිර්මාණය කරගැනීමටද හැකිවනු ඇති බව ෆෙඩරල් රජයේ අදහසයි.
කැන්බරා නුවරට පැමිණෙන වැඩිම සංචාරකයන් පැමිණෙන්නේ චීනයේ සිට බව වාර්තා වන අතර පසුගිය වසරේ එම ප්‍රමාණය 28,000 ඉක්මවා ගොස් තිබේ. කැන්බරා ගුවන් තොටුපලෙහි ප්‍රධාන විධායක Stephen Byron පවසන්නේ මෙම නව ගුවන් සේවා පහසුකම් පිළිබඳ අසා චීන ගුවන් සමාගම්ද තම සේවා සැපයීමට උනන්දු වනු ඇති බවයි.
මෙම නව ගුවන් සේවවේ පළමු ජාත්‍යන්තර ගුවන් ගමන එළඹෙන සැප්තැම්බර් 21 වන දින කැන්බරා ගුවන් තොටුපලින් ආරම්භ කිරීමට නියමිත බවද වාර්තා වේ.

