Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ එකපිට එක වාර්තාවුණු ස්ත්‍රී දුෂණ චෝදනා හේතුවෙන් අගමැතිට චෝදනා: අද වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්

මාර්තු මස 2 වනදා SBS සිංහල ගුවන්විදුලියේ දවසේ ප්‍රවෘති ප්‍රකාශයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ. SBS සිංහල ගුවන්විදුලියේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය, සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙරවරු 11 සිට

Regierungschef Scott Morrison lehnt eine unabhängige Untersuchung historischer Vergewaltigungsanschuldigungen ab.
Regierungschef Scott Morrison lehnt eine unabhängige Untersuchung historischer Vergewaltigungsanschuldigungen ab. Source: AAP Image/Mick Tsikas

Highlights

  • මෙරට වැඩිහිටි සත්කාරක සේවා ක්ෂේස්ත්‍රය විමර්ශනයට පත්කළ රාජකීය කොමිසමේ අවසාන වාර්තාවට රජය ප්‍රතිචාර දක්වයි.
  • කැබිනට් අමාත්‍ය වරයෙකුට එරෙහිව ස්ත්‍රී දුෂණ චෝදනාවක්.
  • පාස්කු ප්‍රහාර විමර්ශන කමිටු වාර්තාව කාදිනල් තුමන්ට සහ මහා සංඝරත්නයට පිරිනැමේ. සාධාරණය ඉටු නොවුණු බවට පවසමින් කොළඹ අගරදගුරු සභාව කළු ඉරිදාවක් ප්‍රකාශයට පත්කරයි.
  • COVID-19 වසංගතය මේ වසරේදී අවසන් වීමට ඉඩක් නොමැති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටී.
  • වීසා ප්‍රමාදයක් හේතුවෙන් ශ්‍රී ලංකා - කොදෙව් ක්‍රිකට් තරඟාවලියේ 20 යි 20 නායකත්වය දසුන් ශානක ගෙන් ඉවතට

වැඩිහිටි සත්කාරක සේවා ක්ෂේස්ත්‍රය විමර්ශනයට පත්කළ රාජකීය කොමිසමේ අවසාන වාර්තාවට රජය ප්‍රතිචාර දක්වයි

මෙරට වැඩිහිටි සත්කාරක සේවා ක්ෂේස්ත්‍රය විමර්ශනයට පත්කළ රාජකීය කොමිසමේ අවසාන වාර්තාවට ප්‍රතිචාර වශයෙන් එම ක්ෂේස්ත්‍රය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මධ්‍යම රජය ඩොලර් මිලියන 452.2 ක ප්‍රතිපාදන වෙන් කිරීමට තීරණය කරයි.

මෙරට වැඩිහිටි සත්කාරක සේවාවෙහි ගුණාත්මකභාවය සහ ආරක්ෂාව සම්බන්දයෙන් පත්කළ රාජකීය කොමිසම, වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ සිදුකරන ලද මෙම විමර්ශනය සඳහා,  තොරතුරු ඉදිරිපත් කිරීම් 10,500 කට වැඩි ප්‍රමාණයක් සහ ඇසින් දුටු සාක්ෂි  සඳහා සාක්ෂිකරුවන් 640 කට වැඩි පිරිසකගේ සහභාගීත්වය සිදුව තිබේ.

එහි අවසාන වාර්තාව මගින් වයස්ගත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නව නීති සහ නියාමන බලතල වැඩි කිරීම ඇතුළුව ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සඳහා නිර්දේශ 148 ක් ඉදිරිපත් කර ඇත.

වයස්ගත ඕස්ට්‍රේලියානුවන්ගේ සාරධර්ම, අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීමේ ක්‍රමෝපායක් මෙරට වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථාන සතුව තිබිය යුතු බව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසා සිටී.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයෙහි ‘මානසික සෞඛ්‍ය ක්ෂේශ්ත්‍රය’ විමර්ශනයට පත්කළ රාජකීය කොමිෂන් සභාවේ අවසාන වාර්තාව අද (2 March) දිනයේදී සභාගත කිරීමට නියමිතව ඇති බවද වාර්තාවේ.

කැබිනට් අමාත්‍ය වරයෙකුට එරෙහිව ස්ත්‍රී දුෂණ චෝදනාවක්

මධ්‍යම රජයේ කැබිනට් අමාත්‍ය වරයෙකුට එරෙහි ස්ත්‍රී දූෂණ චෝදනාවක් එල්ලවෙයි. තවමත් පුද්ගල අනන්‍යතාව හෙළිකොට නොමැති මෙම අමාත්‍යවරයාට එරෙහිව කාන්තාවක විසින් එල්ලකොට ඇති ස්ත්‍රී දූෂණ චෝදනා ඔහු විසින් ප්‍රතික්ෂේප කල බව අගමැති ස්කොට් මොරිසන් පවසා සිටී.

චෝදනාව විස්තර කරන නිර්නාමික ලිපියක් පසුගිය සිකුරාදා අගමැති මොරිසන්, කම්කරු සෙනෙට් සභික පෙනි වොං සහ ග්‍රීන්ස් පක්ෂ සෙනෙට් සභික Sarah HansonYoung වෙත ලැබී ඇති අතර, එම ලිපි ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියට යොමු කර ඇත. එහි සඳහන්ව ඇත්තේ වසර 1988 දී තමාව දුෂණයට ලක්කළ පුද්ගලයා දැනට මධ්‍යම රජයේ කැබිනට් අමාත්‍යධුරයක් දරන බවයි. දුෂණයට ලක්වුනු තැනැත්තිය එවක වයස අවුරුදු 16 පසුවුණු බවද එහි සඳහන්ව තිබේ.

මෙම චෝදනාව පිටුපස සිටින කාන්තාව, නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පොලීසියට මේ පිළිබඳව පැමිණිලි කොට තිබිණ. පසුව මෙම පරීක්ෂණ තවදුරටත් ඉදිරියට ගෙන යාමට තමාගේ කැමැත්තක් නොමැති බව සඳහන් කරමින් පසුගිය වසරේදී ඇය සියදිවි හානිකොට ගෙන තිබේ. මේ හේතුවෙන් මේ සම්බන්ද පරීක්ෂණය අත්හිටුවන ලදී.

චෝදනාව කළ කාන්තාව සියදිවි තොර කරගන්නා තුරුම ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මයිකල් බ්‍රැඩ්ලි, මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා සිටී. ජනතා නියෝජිතයින් ලෙසට පුද්ගලයින් පාර්ලිමේන්තුවට බඳවා ගැනීමේදී ඔවුනගේ පෙර සාපරාදී වරද සොයා බැලීමේ කටයුතු මිට වඩා කාර්යක්ෂම වියයුතු බවද ඔහු පවසා සිටි.

මේ අතර මේ පිළිබඳව රජය තමන් විසින්ම ස්වයං විමර්ශනයක් පැවැත්විය යුතු බව ග්‍රීන්ස් පක්ෂය පවසා සිටී.

අගමැති ස්කොට් මොරිසන්ට මෙම චූදිත ඇමතිවරයා කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමේ හැකියාව ඇති අතර එය තවමත් විසඳා නොමැති බව ග්‍රීන්ස් පක්ෂ නායක ඇඩම් බෑන්ඩ් පවසා සිටී.

මෑතකදී පාලක ලිබරල්  සන්ධානයට සම්බන්ද මන්ත්‍රීවරියක ගේ කාර්යාල නිලධාරිනියක් වන Brittany Higgins එම සේවක පිරිසේම නිලධාරිනියෙකු විසින් කන්බෙරා පාර්ලිමේන්තු සංකීර්ණ කාර්යාල පරිශ්‍රය තුලදී දුෂණය ලක් කිරීම හේතුවෙන් උණුසුම් තත්වයක් මතුව තිබුණි. එහිදී අගමැති ස්කොට් මොරිසන් විසින් ඒ සම්බන්දව මාධ්‍ය හමුවේ සිදුකල ප්‍රකාශයක් ඕස්ට්‍රේලියානු මාධ්‍ය තුල දැඩි විවේචනයට ලක්විය

ඕස්ට්‍රේලියාවේ පුහුණු සංක්‍රමණික වැඩපිළිවෙළ ප්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලීමක්

ඕස්ට්‍රේලියාවේ පුහුණු සංක්‍රමණික වැඩපිළිවෙළ ප්‍රතිසංස්කරණය කරන ලෙස මෙරට “නිවාස ඉදිකිරීමේ කර්මාන්ත සංගමය” රජයෙන් ඉල්ලා සිටී.

ඒ යටතේ වඩු කාර්මික වැනි ක්ෂේශ්ත්‍ර වල පුහුණුව ලත් විදේශ ශ්‍රමිකයින්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට ඉඩ සැලසෙන පරිදි, පුහුණු සංක්‍රමණික වැඩපිළිවෙළ සංශෝධනයකට ලක්කළ යුතු බව The Housing Industry Association පවසා සිටී.

මේ සම්බන්දව සිදුවන පාර්ලිමේන්තු පරීක්ෂණයක් සඳහා ඉදිරි දින තුන තුළ මහජන අදහස් විමසීමක් ද සිදුවීමට නියමිතයි.

The Housing Industry Association හි කර්මාන්ත ප්‍රතිපත්ති පිලිබඳ ප්‍රධාන විධායක ක්‍රිස්ටින් බෘක් ෆීල්ඩ් පවසන්නේ කොරෝනා වසංගත සමයේදී මෙරට ආධුනිකත්ව පුහුණුවීම් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති නමුත් තවමත් ශ්‍රම හිඟයක් පවතින බවයි.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවෙහි පිටපත් ඊයේ දිනයේදී අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට සහ මල්වතු අස්ගිරි මහනායක හිමිවරුනට ඊයේ දිනයේදී පිළිගන්වනු ලැබින

කෙසේවෙතත් පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව පවසමින් කොළඹ අගරදගුරු පදවියට සම්බන්ද සභාව විසින් මෙම එළඹෙන ඉරිදා (7 March) කළු ඉරිදාවක් ලෙසට ප‍්‍රකාශයට පත්කරනු ලැබ තිබේ.


 ඊයේ දිනයේදී (1 Mar) ශ්‍රී ලංකාවෙන් තවත් තවත් කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 303 ක් හඳුනාගෙන තිබේ.

ඒ අනුව, කොවිඩ්-19 ආසාදිත බවට මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 83,546ක් දක්වා ඉහළගොස් තිබේ.

මේ අතර ඊයේ දිනයේදී තවත් කොරෝනා මරණ 05 ක් ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කොට තිබේ. වෛරසය ආසාදනය වුනු පිරිමි රෝගීන් තිදෙනෙකු සහ කාන්තා රෝගීන් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති බව සඳහන්.

මේ වන විට ශ්‍රී ලංකාවේ COVID-19 ආශ්‍රිත මරණ සංඛ්‍යාව 476 ක් දක්වා ඉහළ ගොස් තිබේ.


ඉදිරි දින දෙක තුළ කොරෝනා මරණ භූමදානය සම්බන්ධ මාර්ගෝපදේශ සහිත චක්‍රලේඛය නිකුත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන බළකාය පවසයි.

මේ වන විට කොරෝනා මෘතදේහ භූමදානය කිරීම සඳහා මන්නාරම හා අම්පාරේ කාත්තන්කුඩි හි ස්ථාන දෙකක් යෝජනා වී තිබේ. ඒ පිලිබඳ තීරණය ස්ථිර වීමත් සමඟ අදාළ චක්‍රලේඛය නිකුත් කරන බවද කොවිඩ් මර්දන බළකාය පවසා සිටී.

COVID-19 වසංගතය මේ වසරේදී අවසන් වීමට ඉඩක් නැහැ : WHO කියයි

ගෝලීයව වාර්තාවන කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව සති හතකින් අනතුරුව පළමු වරට ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

නව වැඩිවීම ඇමරිකාව, යුරෝපය, ගිනිකොනදිග ආසියාව සහ නැගෙනහිර මධ්‍යධරණි කලාපයේ සිදු වෙමින් පවතී.

කෙසේ වෙතත් COVID-19 වසංගතය මේ වසරේදී අවසන් වීමට ඉඩක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටී.

කොරෝනා මර්ධනය සඳහා වන මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලිහිල් කිරීම, කොරෝනා නව ප්‍රභේදවල ආසාදනය ඉහළ යාම සහ ජනතාව ආරක්‍ෂිත ක්‍රියා මාර්ග වලින් බැහැරව සිටීම ආදී හේතූන් නිසා  මෙම තත්වය ඇතිව තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් ගෙබ්‍රෙයිසස්  පවසා සිටී

ශ්‍රී ලංකා - කොදෙව් ක්‍රිකට් තරඟාවලියේ 20 යි 20 නායකත්වය දසුන් ශානක ගෙන් ඉවතට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරඟාවලියේදී 20 යි 20 කණ්ඩායමේ නායකත්වය  හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස්ට පැවරෙයි.

වීසා ප්‍රමාදයක් හේතුවෙන් 20 යි 20 කණ්ඩායමේ නායකත්වයට පත් කළ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට කොදෙව් දූපත් බලා පිටත්ව යෑමට නොහැකි වීම නිසා මෙලෙස මැතිව්ස් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

දසුන් ශානකගේ ගමන් බලපත්‍රය මීට වසර දෙකකට පමණ පෙර අස්ථාන ගත වී ඇති අතර, ඒ බව දැන්වීමට ප්‍රමාද වීම හේතුවෙන් ඔහුට මේ වීසා ගැනීමේ ගැටලු මතුව ඇති බව වාර්තා වේ.

මෙම වීසා ප්‍රමාදය පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසා තිබේ.

මේ අතර ලෝකයේ භයානකම එක්දින සහ විස්සයි විස්ස පිතිකරුවා ලෙස සැලකෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳී ඇති බව වාර්තා වේ. ඔහුට වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇත්තේ පෙබරවාරි මුල් සතියේදී ය.

මේ වනවිට ඔහු සුවය ලබා ඇතත් එළඹෙන ශ්‍රී ලංකා -  කොදෙව් එක්දින සහ විස්සයි විස්ස තරඟ සඳහා ඔහුව කැඳවා නැත.

ශ්‍රී ලංකා - කොදෙව් ක්‍රිකට් තරඟාවලිය 20 යි 20 තරඟ තුනකින් සහ එක්දින තරඟ දෙකකින් සමන්විත වන අතර මුල්ම 20 යි 20 තරඟය මාර්තු මස 4 වන දා පැවැත්වීමට නියමිතයි.

----------------------------------------------------------------------------------------

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala


6 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now