SKIP TO MAIN CONTENT

ළමා අපහරණ සම්බන්ධ චෝදනා පැවරුණු ඔස්ට්‍රේලියාවේ කාදිනල් George Pell දෙවැනි වරටත් අද අධිකරණය හමුවට.

Cardinal George Pell is facing court
Source: AP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ළමා අපහරණ සම්බන්ධ චෝදනා පැවරුණු ඔස්ට්‍රේලියාවේ ජ්‍යෙෂ්ඨතම කතෝලික පූජකවරයෙකු වන කාදිනල් George Pell අද (06/10) දෙවැනි වරට අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බව වාර්තා වේ.

කාදිනල් George Pell, වතිකානුවේ මුල්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර එය වතිකානු රාජ්‍යයේ තෙවන ඉහළම තනතුර ලෙසද වාර්තා වේ.

ළමා අපහරණ චෝදනා සම්බන්ධ චෝදනා පැවරුණු කාදිනල් George Pell පළමු වරට වික්ටෝරියානු අධිකරණය හමුවේ පෙනී සිටියේ පස්ගිය ජුනි 29 වන දාය.

මෙම චෝදනා සඳහා ප්‍රමාණවත් තරමේ සාක්ෂි තිබෙනවාද යන්න පිළිබඳ අද දින මහේස්ත්‍රාත්වරයා විසින් තීරණය කිරීමට නියමිත අතර තත්ත්වය එසේ වුවහොත් මෙම නඩුව අවසන්වනතුරුම  වික්ටෝරියානු අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිත වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now