SKIP TO MAIN CONTENT

Carrom ball දඟ පන්දුවේ නිර්මාතෘ අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගනියි.

Ajantha Mendis retires from all forms of cricket
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාවේ දක්ෂ දඟ පන්දු යවන්නෙකු වන අජන්ත මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් බව ඊයේ (28/08) නිවේදනය කළේය.

ටෙස්ට්, එක් දින සහ 20-20 යන තරග රටා ත්‍රිත්වයෙන්ම ඒ අනුව ඔහු සමුගෙන තිබේ.

වයස අවුරුදු 34 වියෙහි පසුවන අජන්ත මෙන්ඩිස්, අවසන් වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කරනු ලැබුවේ වසර 2015 නවසීලන්ත කණ්ඩායමට එරෙහිවය.

අජන්ත මෙන්ඩිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 19 කට සහභාගී වී කඩුලු 70 ක් ද එක් දින ජාත්‍යන්තර තරග 87 කට සහභාගී වී කඩුලු 152 ක්ද 20-20 තරග 39 කට සහභාගී වී කඩුලු 66 ක්ද ලබාගෙන තිබේ.

ක්‍රිකට් ක්‍රීඩාවේ දඟ පන්දු යවන්නන් අතර මේ වන විට ප්‍රසිද්ධවී ඇති "carrom ball" දඟ පන්දුවේ නිර්මාතෘවරයා ලෙසද අජන්ත මෙන්ඩිස් හැඳින්වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now