ශ්‍රී ලංකාවේ දක්ෂ දඟ පන්දු යවන්නෙකු වන අජන්ත මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් බව ඊයේ (28/08) නිවේදනය කළේය.
ටෙස්ට්, එක් දින සහ 20-20 යන තරග රටා ත්‍රිත්වයෙන්ම ඒ අනුව ඔහු සමුගෙන තිබේ.
වයස අවුරුදු 34 වියෙහි පසුවන අජන්ත මෙන්ඩිස්, අවසන් වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කරනු ලැබුවේ වසර 2015 නවසීලන්ත කණ්ඩායමට එරෙහිවය.
අජන්ත මෙන්ඩිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 19 කට සහභාගී වී කඩුලු 70 ක් ද එක් දින ජාත්‍යන්තර තරග 87 කට සහභාගී වී කඩුලු 152 ක්ද 20-20 තරග 39 කට සහභාගී වී කඩුලු 66 ක්ද ලබාගෙන තිබේ.
ක්‍රිකට් ක්‍රීඩාවේ දඟ පන්දු යවන්නන් අතර මේ වන විට ප්‍රසිද්ධවී ඇති "carrom ball" දඟ පන්දුවේ නිර්මාතෘවරයා ලෙසද අජන්ත මෙන්ඩිස් හැඳින්වේ.