ඔස්ට්‍රේලියාවේ Casual workers හෙවත් අනියම් සේවකයින් සඳහා වන හිමිකම්වල ප්‍රතිසංස්කරණයක් කිරීමට වත්මන් කම්කරු පක්ෂ රජය පියවර ගෙන තිබේ.
මේ පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ රැකියා කටයුතු පිළිබඳ අමාත්‍ය Tony Burke නිවේදනය කළේය.
අනියම් සේවකයින්ට ලැබුණු නවතම හිමිකම
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ රැකියා කටයුතු පිළිබඳ අමාත්‍ය Tony Burke විසින් සාමාන්‍යයෙන් නියත පැය ගණනක් සේවය කරන Casual හෙවත් අනියම් සේවකයින්ට අදාළ රැකියාවේ ස්ථිර භාවයක් ලබා දීමට බල කෙරෙන ප්‍රතිසංස්කරණ එළිදක්වා තිබේ.
"මීට වසර දෙකකට පෙර පාර්ලිමේන්තුවේ අනියම් සේවකයින්ගේ රැකියා පිළිබඳ වෙනසක් සිදු කෙරුණා. කොන්ත්‍රාත්තුවේ කුමක් පැවසුවත්, කොන්ත්‍රාත්තුවේ ඔබ අනියම් සේවකයෙක් යැයි පවසන්නේ නම්, ඔබ අදාළ සෙආ මුර ලේඛනයේ සිටින්නේ කෙසේද යන්න හෝ ඇත්ත වශයෙන්ම ආයතනය තුළ පවතින ක්‍රියාවලිය හෝ යන්න ගැටළුවක් වන්නේ නැහැ," අමාත්‍ය Tony Burke ජූලි 24 වනදා ABC ගුවන් විදුලියට පැවසීය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
"මේ මොහොත වන තුරුත් ඔබ වසරක් පමණ කාලයක් පූර්ණ කාලීන සේවකයකු ලෙස අදාළ පැය ගණන වැඩ කළත් ඔබ තවමත් අනියම් සේවකයෙකු ලෙස වර්ග කර ඇත." යනුවෙන්ද ඔහු ප්‍රකාශ කළේය.

Source: SBS
රැකියාවේ ස්ථිර භාවය පිළි ගැනීමට අකැමැති සේවකයින්ට පිරිනැමීම අනියම් සේවකයකු ලෙස නොකඩවා එලෙසම රැකියාව කිරීමට අවසරයද ලබා දී ඇත.
මාස 12ක් හෝ ඊට වැඩි කාලයක් තම සේවායෝජකයා සඳහා සේවය කර ඇති අනියම් සේවකයන්ට තමන්ව පූර්ණ කාලීන හෝ අර්ධ-කාලීන තත්ත්වයට පත් කරන ලෙස ඉල්ලා සිටිය හැකි පූර්ව නීති සම්පාදනයට අමතරව මෙම නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වේ.
මෙම වෙනස්කම් අනියම් සේවකයන් බඳවා ගැනීමෙ හාම්පුතුන්ට බාධාවක් නොවනු ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ රැකියා කටයුතු පිළිබඳ අමාත්‍ය Tony Burke පැවසීය.
දැනට ක්‍රියාත්මක ශ්‍රම බලකායකට ස්ථිර සේවක හිමිකම් ගෙවීමෙන් වැළකී සිටීමට අපේක්ෂා කරන සේවා යෝජකයින් සඳහා මග පාදන දුර්වල කවුළු වැසීමට මෙම වෙනස්කම් මගින් උත්සාහ කරනු ඇත.
"බොහෝ අනියම් සේවකයින්ට ස්ථීර රැකියාවක් අවශ්‍ය නොවනු ඇත ... නමුත් තම පවුල් නඩත්තු කිරීමට උත්සාහ කරන අනියම් සේවකයින් සිටිනවා," යනුවෙන් අමාත්‍ය Burke පැවසීය.
"ඔවුන් ස්ථීර ශ්‍රමිකයින් ලෙස භාවිතා කරනු ලබන අතර සේවා යෝජකයා තම ප්‍රතිලාභ දෙගුණ තෙගුණ කරගනියි, සේවා යෝජකයා සියලු වාසි ලබාගෙන ඒ වෙනුවට අනියම් සේවකයාට රැකියා සුරක්ෂිතතාව පිළිබඳ කිසිවක් සහතිකයක් ලබා දෙන්නේ නැහැ." ඔහු වැඩි දුරටත් පැවසුවේය.
අනියම් සේවකයකු හට ස්ථීර රැකියාවකට යාමට ඉඩ සැලසීම නිසා ඔහුට හෝ ඇයට අනියම් සේවකයකු ලෙස සිටි කාලයේදී ස්ථිර සේවකයෙකු හට අතීතයේ ලැබිය යුතු කිසිදු හිමිකමක් ගෙවීමට සේවා යෝජකයන්ට අවශ්‍ය නොවේ.

Employment Minister Tony Burke. Source: AAP / Lukas Coch
වෘත්තීය සමිති සහ ව්‍යාපාරික සංගම්වල ප්‍රතිචාර
ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය (ACTU) සහ Australian Commerce and Industry (ACCI) යන ආයතන දෙකම මෙම යෝජිත වෙනස්කම් වලට ප්‍රතිචාර දක්වා ඇත.
නිත්‍ය වේලාවන් සමඟ නිතිපතා රැකියා කරන පුද්ගලයින්ට නිත්‍ය අයිතිවාසිකම් ලැබිය යුතු බව ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලයේ ලේකම් Sally McManus පැවසුවාය.
"ආණ්ඩුව එය තීරණය කිරීම සේවකයාට භාර දී තිබෙනවා, ඔවුන් නිතිපතා නිත්‍ය වෙලාවක රැකියාව කරනවානම් ඔවුන්ට ස්ථිර සේවකයෙකු වීමට, අසනීප නිවාඩු සහ වාර්ෂික නිවාඩු ලබා ගැනීමට අවශ්‍යයි." යනුවෙන් ද ඇය ප්‍රකාශ කළාය.
අනියම් රැකියා නිර්වචනය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ව්‍යාපාර සහ සේවකයින් සඳහා දැනටමත් "ඉතා සැලකිය යුතු නිශ්චිතභාවයක්" පවතින බවත් රජය උත්සාහ කරන්නේ එම නිශ්චිතභාවය ඉවත් කිරීමට බවත් ACCI හි ප්‍රධාන විධායක Andrew McKellar පැවසුවේය.