SKIP TO MAIN CONTENT

අංක 3 ට ගැලපෙනම පිතිකරුවෙකු සොයාගත් ශ්‍රී ලංකාවට කොදෙව් තරග ජයෙන් අනතුරුව අත්වන ඉරණම කුමක්ද? (SBS සිංහල/වීඩියෝ)

ICC Cricket World Cup 2019
Source: Facebook

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 39 වන තරගය ලෙස ඊයේ (01/07) Chester-le-Street හිදී ශ්‍රී ලංකාව සහ කොදෙව් දූපත් අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 23 ක ජයක් අත්කරගත්තේය.

කාසියේ වාසිය දිනූ කොදෙව්වන්, ශ්‍රී ලංකාවට ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ආරාධනා කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 කට ලකුණු 338 ක් ලබාගැනීමට ඔවුන් සමත් විය.

අවිශ්ක ප්‍රනාන්දු පන්දු 103 කදී ලකුණු 104 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා ඉනිම තවත් ස්ථාවර කළේය.

අවිශ්ක මෙහිදී ලබාගත් ශතකය ඔහුගේ මංගල එක් දින ශතකය විය.

එමෙන්ම එය ශ්‍රී ලංකාවේ ලාබාලතම පිතිකරුවෙකු ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක ලබාගත් ශතකය ලෙස ද ලෝකයේ ලාබාලතම පිතිකරුවෙකු ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක ලබාගත් 3 වන ශතකය ලෙසද ඉතිහාසගත විය.

ශ්‍රී ලංකාවේ අවසාන තරගය ශ්‍රී ලංකාවට වැදගත් වන අයුරු මෙන්ම මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය පිළිබඳ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙත ගෙන එන තරග සමාලෝචනය පහතින්.

ICC Cricket World Cup 2019
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now