SKIP TO MAIN CONTENT

කළු සල්ලි ජාවාරමට අනුබල දීම සහ ත්‍රස්තවාදයට මුල්‍යාධාර සැපයීම යන ක්‍රියාවන් මත Commonwealth බැංකුවට චෝදනා.

CBA accused of laundering law breaches
CBA accused of laundering law breaches Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

කළු සල්ලි ජාවාරමට සහ ත්‍රස්තවාදයට මුල්‍යාධාර සැපයීම යන ක්‍රියාවන් ඇතුළුව අවස්ථා 53,000 කටත් වඩා මුල්‍ය නීති කඩ කිරීම සම්බන්ධව කොමන්වෙල්ත් බැංකුව හට චෝදනා එල්ලවී ඇත.

ඒ අනුව ඔස්ට්‍රේලියානු රජයේ මුල්‍ය සේවා පිළිබඳ බුද්ධි අංශය වන AUSTRAC මගින් කොමන්වෙල්ත් බැංකුවට එරෙහිව ඔස්ට්‍රේලියානු මධ්‍යම අධිකරණයේදී මේ සම්බන්ධව චෝදනා ගොනු කිරීමට නියමිතය.

එකවර ඩොලර් 20,000 ක් දක්වා තැන්පත් කළ හැකි කොමන්වෙලත් බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර පිළිබඳව මෙහිදී AUSTRAC  ආයතනය විශේෂ අවධානය යොමු කර තිබේ.

කළු සල්ලි ජාවාරමට හෝ ත්‍රස්තවාදී මුල්‍ය අනුග්‍රහයට හෝ එවැනි යන්ත්‍ර මගින් යම් පිටිවහලක් ලැබීම පිළිබඳ කොමන්වෙල්ත් බැංකුව ප්‍රමාණවත් තරමේ අවධානයක් යොමු නොකළ බවටද මෙහිදී චෝදනා නැගී තිබේ.

මෙවැනි ටෙලර් යන්ත්‍ර හරහා ඩොලර් මිලියන 625 ක ගනුදෙනු සිදුවී ඇති නමුත් ඒවා ප්‍රමාණවත් ලෙස වාර්තා නොකිරීම හා ඩොලර් මිලියන 77 ක සැකසහිත ගනුදෙනු පිළිබඳව වාර්තා නොකිරීම සම්බන්ධවද කොමන්වෙල්ත් බැංකුවට චෝදනා එල්ලවී ඇත.

මෙම ගනුදෙනු සහ ඒවා වාර්තා නොකිරීම සම්බන්ධව සැකයක් මතුවීම වැළක්විය නොහැකි බව C-M-C markets හි Ric Spooner පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now