SKIP TO MAIN CONTENT

මහින්දානන්ද හා වෙල්ගම ඉවතට යන විට චන්ද්‍රිකා නැවතත් අත්තනගල්ලට.

Politics of Sri Lanka
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකා නිහස් පක්ෂයේ  හිටපු ආසන සංවිධායකයින් කිහිප දෙනෙකු ඉවත් කර නව ආසන සංවිධායකවරුන් පත් කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (12/10) සිදු කරන ලදී.

ඒ අනුව ශ්‍රී ලංකා නිහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායක ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කර තිබේ.

ඊට අමතරව නාවලපිටිය ආසනයේ ශ්‍රී ලංකා නිහස් පක්ෂ සංවිධායක ලෙස කටයුතු කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතාව ඉන් ඉවත් කර මධ්‍යම පළාත් සභාවේ සාමාජික එච්. ඒ . රණසිංහ මහතාව පත් කර තිබෙන අතර මතුගම ආසනයේ ශ්‍රී ලංකා නිහස් පක්ෂ සංවිධායක ලෙස කටයුතු කළ  කුමාර වෙල්ගම  මහතාව ඉන් ඉවත් කර සුමිත්‍ර අබේධීර පත් කර තිබේ.

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම පත්වීම කර ඇත්තේ ඊයේ (12/10) කොළඹ ජනාධිපති මන්දිරයේ පැවැති ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් අතරතුරදීය.

Daily News ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now