SKIP TO MAIN CONTENT

ආසියානු කුසලානය 2018 : පාකිස්ථානය පරදා ඉන්දියාවට තවත් විශිෂ්ඨ ජයක්.

Asia Cup 2018
Source: AP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ (19/09) පැවති ඉන්දියනු  සහ පාකිස්ථානු කණ්ඩායම් අතර තරඟයෙන් කඩුළු 8 ක ජයක් හිමිකරගැනීමට ඉන්දියාව සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීම තෝරාගත් පාකිස්ථානයට ඕවර 43 යි පන්දු 1 කදී සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 162 ක් පමණි.

පාකිස්ථානු පිල වෙනුවෙන් බාබර් අසාම් 47 ක් ද  ෂොයිබ් මලික් 43 ක් ද ලබාගත්හ.

මෙහිදී ඉන්දීය පිලේ බුවනේෂ්වර් කුමාර් සහ ජස්ප්‍රීට් බුම්රා කදුළු 3 බැගින් දවාලුහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඉන්දීය කණ්ඩායම ඕවර 29 කදී කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 164 ක් ලබාගනිමින් කඩුළු 8 ක තරඟ ජයග්‍රහණයක් වාර්තා කළේය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් රෝහිත් ෂර්මා ලකුණු 52 ක්  සහ ෂිකර් ධවාන් ලකුණු 46 ක් ලබාගත්හ.

මේ වන විට ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්ථානය තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබා සිටිති.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now