SKIP TO MAIN CONTENT

කම්කරු පක්ෂ ජාතික සම්මේලෙන දිනයේම අතුරු මැතිවරණ පැවැත්වීමට ඔස්ට්‍රේලියානු රජය ගත් තීරණයට දැඩි විරෝධය.

Turnbull government as "gutless" for calling a series of by-elections on the same day as the Labor Party's national conference.
Turnbull government as "gutless" for calling a series of by-elections on the same day as the Labor Party's national conference. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ කම්කරු පක්ෂයේ වාර්ෂික ජාතික සම්මේලෙනය පවත්වනු ලබන ජූලි 28 වන දිනයේම ලිබරල් සන්ධාන රජය විසින් ප්‍රාන්ත හතරක අතුරු මැතිවරණ පැවැත්වීමට තීරණය කිරීම ටර්න්බුල් රජයේ  බියසුලු බව මනාව පෙන්වන බව කම්කරු පක්ෂයේ නියෝජ්‍ය නායිකා මෙන්ම නියෝජ්‍ය විපක්ෂ නායිකා Tanya Plibersek පවසයි.

ද්විත්ව පුරවසිභාව අර්බුදය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන් අහිමිවූ මන්ත්‍රී වරුන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා මෙසේ අතුරු මැතිවරණ පැවැත්වීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

ඒ අනුව එළඹෙන ජූලි 28  වන දින ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හතරක මැතිවරණ බල ප්‍රදේශ 5 කදී අතුරු මැතිවරණ පැවැත්වීමට රජය කටයුතු යොදා ඇත.

එදින සෙනසුරාදා  දිනයක් වන අතර එය "Super Saturday" ලෙස හඳුන්වා දී තිබේ.

කෙසේනමුත්, ජූලි 28 වන දින කම්කරු පක්ෂයේ වාර්ෂික ජාතික සම්මේලෙනය ඇඩිලේඩ් නුවරදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබියදී රජය මෙවැනි තීරණයක් ගැනීමෙන් අගමැති ටර්න්බුල්ගේ විශ්වාසවන්ත භාවය පිළිබඳ ප්‍රශ්නාර්ථයක් මතුවන බව නියෝජ්‍ය විපක්ෂ නායිකා Tanya Plibersek පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now