SKIP TO MAIN CONTENT

අධිකරණ තීන්දුවට ගරු කරන නමුත් රනිල් සමග නැවත ආණ්ඩුවකට යන්නේ නැහැ : ජනපති මෛත්‍රී.

Won’t let UPFA ally with UNP
Source: Presidential Secretariat of Sri Lanka

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසිරුවා හැර මහ මැතිවරණයක් කැඳවමින් ජනාධිපතිවරයා 2018 නොවැම්බර් මස 09 වැනි සිකුරාදා නිකුත් කළ අංක 2096/70 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12/12) නියෝග කළේය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට විසිරුවා හැරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වල තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ එම නියෝගය කළේය.

මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පිළිගන්නා නමුත් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ නැවත ආණ්ඩු කිරීමට තමා සූදානම් නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රියේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මෙම රැස්වීමට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සන්ධානයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා සහභාගි වූ බව Daily Mirror පුවත්පත වාර්තා කරයි.

මේ අතර මහින්ද රාජපක්ෂ  මහතාගේ අගමැති ධුරය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණයේ අද (14/12) විභාගයට ගැනෙන අභියාචනා පෙත්සම පිළිබඳ තීන්දුව  ලැබීමෙන් පසු  එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම අද රාත්‍රීයේද රැස්වීමට එහිදී තීරණය කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now