ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා 2 වන ටෙස්ට් තරගය : ශ්‍රී ලංකාව ජයග්‍රහණයට ලකුණු 137 ක් පිටුපසින්.

Sri Lanka tour of South Africa

Source: AP

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන ඊයේ (22/02) දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සඳහා කඩුලු 8 ක් අතැතිව ලකුණු 137 ක් පිටුපසින් සිටියි.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ව ලකුණු ලකුණු 222 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

එහිදී විශ්ව ප්‍රනාන්දු සහ කසුන් රාජිත කඩුලු 3 බැගින් දවා ගත් අතර ධනංජය ද සිල්වා කඩුලු 2 ක් බිඳ හෙළීය.

ඉන අනතුරුව ඇරඹුණු ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 154 කට සීමා විය.

දෙවැනි ඉනිම ඇරඹු දකුණු අප්‍රිකානු කණ්ඩායමට ශ්‍රී ලංකාවේ සුපිරි පන්දු යැවීම හමුවේ ලබාගත හැකිවුයේ ලකණු 128 ක් පමණි.

එහිදී සුරංග ලක්මාල් කඩුලු 4 ක්ද ධනංජය ද සිල්වා කඩුලු 3 ක්ද කසුන් රාජිත කඩුලු 2 ක්ද ලබා ගත්තේය.

ඒ අනුව ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 197ක ඉලක්කයක් හිමිවිය.

නමුත් මේ වන විට ශ්‍රී ලංකා පිළේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන නායක දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න දැවී ගොස් ඇති අතර කුසල් මෙන්ඩිස් සහ ඕෂධ ප්‍රනාන්දු නොදැවී කඩුල්ලේ රැදී සිටිති.

අද (23/02) තරගයේ තුන්වන දිනය වේ.


1 min read

Published

By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now