SKIP TO MAIN CONTENT

ලංකා පශු වෛද්‍ය කාර්යාල ඉඩම්, දේශපාලඥයන් කොල්ල කන බවට චෝදනා.

Veterinary surgeon Doctors Protest in Kandy
Source: SBS Sinhala

2 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

ශ්‍රී ලංකා රජයේ පශු වෛද්‍ය කාර්යාල සතු ඉඩම් විවිධ දේශපාලඥයන් තමන් වෙත පවරා ගැනීමට උත්සහ කරන බව  රජයේ පශු වෛද්‍ය නිලධාරී සංගමයේ මධ්‍යම පළාත් සංගමය සදහන් කරයි.

ඒ අනුව ගම්පොල පශු වෛද්‍ය කාර්යාලයේ ඉඩම මෙන්ම මස්කෙළිය, තෙල්දෙණිය, විල්ගමුව, උඩුනුවර වැනි කාර්යාලවල ඉතිරිව තිබෙන ඉඩම් දේශපාලඥයන් විසින් පවරා ගැනීමට උත්සහ කරමින් සිටින බව ඊයේ (23/01) සිය ප්‍රධාන කාර්යාලය අසලදී පැවැති සාමකාමී විරෝධයක් පවත්වමින් රජයේ පශු වෛද්‍ය නිලධාරී සංගමයේ මධ්‍යම පළාත් සංගමය පැවසුවේය.

ගම්පොල පශු වෛද්‍ය නිලධාරි කාර්යාලය සතු ඉඩම ප්‍රදේශීය දේශපාලඥයකු විසින් වෙනත් කාර්යයක් සදහා යොදවා ගැනීමට උත්සහ කිරීමට විරෝධය පළ කරමින් මධ්‍යම පළාතේ පශු වෛද්‍ය නිලධාරීන් සිය සේවා ස්ථාන වෙත නොගොස් ඊයේ ප්‍රධාන කාර්යාලය වෙත වාර්තා කොට තිබුණි.

දේශපාලඥයාගේ තර්ජනයට හසුවූ නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් පශු වෛද්‍ය කාර්යාලයේ ඉඩම ආරක්ෂාවන ලෙස කඩිනමින් තාප්පයක් ඉදිකරන ලෙසත් මෙම නිලධාරීන් ඉල්ලා සිටියි.

එසේ ආරක්ෂාව තහවුරු කරන තුරු එම ස්ථානයේ රාජකාරීවලින් වැළකීමට එහි නිලධාරීන් තීරණය කර ඇති අතර තමන්ට වූ අසාධාරණය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය වෙත පැමිණීලි කිරීමට ද ඔවුන් පියවර ගෙන තිබේ.

ගම්පොල පිහිටි පර්චස් 15කින් යුතු ඉඩම වර්ෂ 1953 සිට පශු වෛද්‍ය නිලධාරී කාර්යාලය පරිහරණය කරන බවත් ඒ සදහා වලංගු නීතිමය හිමිකම ඇතැයි සාමකාමී විරෝධතාවට එක්වූ රජයේ පශු වෛද්‍ය නිලධාරී සංගමයේ මධ්‍යම පළාත් සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය එස්.ඒ.සීලනාථ මහතා ප්‍රකාශ කළේය.

ප්‍රජා ශාලාවක් ඉදිකිරීමට මෙම ඉඩම ලබා ගැනීමට දේශපාලඥයා උත්සහ කරන නිසා සත්ව ගොවිපල හිමියන් ඇතුලු ප්‍රතිලාභීන් දැඩි අසීරුතාවට පත්වන බවත් ඒ පිළිබදව සිය සංගමය කණගාටුවන බව ද ඒ මහතා කීවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now