SKIP TO MAIN CONTENT

මංගලගේ අය - වැයට ඒකාබද්ධයෙන් කොළ එළියක්.

Joint opposition give a green signal to Mangala’s budget.
Source: SBS Sinhala

1 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

වත්මන් ශ්‍රී ලංකා රජයේ අය වැය ඉකුත් වර්ෂයේ අය වැයට වඩා සංවර්ධනාත්මක ලක්ෂණ පෙන්නුම් කරන බවත් එය කෙසේ හෝ ක්‍රියාත්මක කළ හැකි අය වැයක් බවත් ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පැවසීය.

නමුත් ඉකුත් වර්ෂයේදී එවකට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ අය වැය කථාවේදීම එය ඉටු කළ නොහැකි අය වැයක් බව පැහැදිලිව අවබෝධවූ බවත් එය සත්‍යයක් බව පසක් කරමින් අය වැය පොරොන්දුවලින් 30%ක් වත් සපුරා ගැනීමට නොහැකි වී ඇති බවත් මහනුවර නුගවෙලදී පැවැති මාධ්‍ය හමුවකදී දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.

සිල්ලර භාණ්ඩ මිල පහත හෙළීම තුළින් නුදුරේදීම මැතිවරණයක් එළැඹෙන බව පැහැදිලි වන බවත් වසර දෙක තුනක කාලයක් පටන් බලාසිටි මැතිවරණය එළැඹීම සතුටට කරුණක් බවත් පැවසු මන්ත්‍රීවරයා වැඩි දුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

“ඉකුත් වර්ෂයේ අය වැය කථාවේදී ත්‍රීරෝද රථ රියදුරන්ට මරණයකදී රුපියල් ලක්ෂ දහයක රක්ෂණාවරණයක් ලබාදීම, සියලුම පාසල් දරුවන්ට ටැබ් පරිගණක ලබාදීම, ගැබිණි මව්වරුන්ට රුපියල් විසිදහසක් වටිනා පෝෂණ මල්ලක් ලබාදීම වැනි විවිධාකාර පොරොන්දු ලබා දුන්නා. නමුත් ඒ කිසිවක් ඉටු වුණේ නැහැ.”


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now