ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛණ කාර්යාංශයේ සංගණන වෙබ් අඩවියට ඊයේ දිනයේදී විදේශීය හැකර් ප්‍රහාර එල්ල වී ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛණ කාර්යාංශයේ ප්‍රධාන සංඛ්‍යාලේඛනඥ David Kalisch ABC ගුවන් විදුලියට පවසා තිබේ. නමුත් ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛණ කාර්යාංශය සතු, මහජනතාවගේ තොරතුරු දත්ත සුරක්ෂිත බව ඔහු අවධාරණය කරයි.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛණ කාර්යාංශයේ සංගණන වෙබ් අඩවියට මෙසේ හැකර් ප්‍රහාර එල්ල වීමත් සමග ඊයේ දිනයේ රාත්‍රී 7ට පමණ වෙබ් අඩවියේ කටයුතු තාවකාලිකව නවතා දැමීමට ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛණ කාර්යාංශය ක්‍රියා කර තිබේ.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛණ කාර්යාංශය, Australian Signals Directorate සමග අදාළ හැකර් ප්‍රහාරය පිළිබඳ තොරතුරැ සෙවීම මේ වන විට ආරම්භ කර තිබෙන බවද වාර්තා වේ. අදාළ හැකර් ප්‍රහාරය කොහේ සිට ක්‍රියාත්මක වුවාදැයි සෙවීම තරමක් දුෂ්කර කාර්යක් බවද ප්‍රධාන සංඛ්‍යාලේඛනඥ David Kalisch පවසා තිබේ.
පසුගිය කාලයේදී ඇතැම් ඔස්ට්‍රේලියානු රජයේ වෙබ් අඩවි වලට එල්ල වූ හැකර් ප්‍රහාර සඳහා චීන හැකර් වරුන් සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබුණි.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛණ කාර්යාංශයේ සංගණන වෙබ් අඩවිය සතු ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය වරයාගේ ඇතුළු මහජනතාවගේ සියලු තොරතුරු දත්ත සුරක්ෂිත බවද ප්‍රධාන සංඛ්‍යාලේඛනඥ David Kalisch පැවසුවේය.
සංගණන වෙබ් අඩවිය තාවකාලිකව අත් හිටවූ බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛණ කාර්යාංශය ඊයේ රාත්‍රී 11.30ට පමණ නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණි.
මේ අතර මේ වන තෙක් තම දත්ත සංගණනය සඳහා ඇතුලත් කිරීමට නොහැකි වූ පුද්ගලයන් හට දඩ මුදල් ගෙවීමට සිදු නොවන බවද ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛණ කාර්යාංශය වාර්තා කරයි.
අද පෙරවරුවේ නැවතත් සංගණන වෙබ් අඩවිය යථා තත්වයට පත් කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රධාන සංඛ්‍යාලේඛනඥ David Kalisch වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ. මීට අමතරව සංගණනය භාරව කටයුතු කරන අමාත්‍ය Michael McCormack අද (10/08) පස්වරුවේ කැන්බරා නුවරදී මේ පිළිබඳ මාධ්‍ය හමුවක්ද පැවැත්වීමට අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.

සංගණන අමාත්‍යවරයාට ඉල්ලා අස්වෙන ලෙස කම්කරු පක්ෂය කියයි.
ඔස්ට්‍රේලියානු සංගණන වෙබ් අඩවියට එල්ල වී ඇති හැකර් ප්‍රහාර වල වගකීම සංගණන අමාත්‍ය Michael McCormack භාරගත යුතු බවත් ඔහු තම තනතුරෙන් ඉල්ලා අස් විය යුතු බවත් කම්කරු පක්ෂය ප්‍රකාශ කරයි.
කම්කරු පක්ෂයේ සහකාර ඡායා භාණ්ඩාගාරික නියෝජිත Andrew Leigh පවසන්නේ මෙවර සංගණය අන්තර් ජාලය හරහා සිදු කිරීමට ගත් තීරණය සඳහා රජය තවමත් නිසි පිළිතුරක් ලබා නොදුන් තත්ත්වයක මෙවැනි හැකර් ප්‍රහාරයක් එල්ල වීම තවත් භයානාක බවයි.

