ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තුගෙන් Sydney Thunder ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලාංකීය භෝජන සංග්‍රහයක්

Untitled-1.jpg

Chamari Athapaththu with Sydney Thunders team Credit: Facebook - Chamari Athapaththu

WBBL හෙවත් Weber Womens Big Bash League තරඟාවලිය, ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වේදිකාවක් පමණක් නොවන අතර ඒ ඔස්සේ ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට සිය සංස්කෘතිය සෙසු පිරිස සමග බෙදාගැනීමටද අවස්ථාව සලසයි.

මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන Weber Women's Big Bash League තරඟාවලිය සඳහා Sydney Thunder කණ්ඩායමට පිතිකාරිනියක වශයෙන් ශ්‍රී ලංකික ක්‍රීඩිකා චමරි අතපත්තු ක්‍රීඩා කරයි.

චමරි අතපත්තු මෙම තරඟාවලිය අතරතුර, Sydney Thunder කණ්ඩායමේ සිය සහෝදර ක්‍රීඩිකාවන් හට ශ්‍රී ලංකේය ආහාර සහිත රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමීමට කටයුතු කළාය.

02.jpg
Credit: SBS

මෙමෙ රාත්‍රී භෝජන සංග්‍රහයට එක්වූ එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩිකා Lauren Bell සඳහන් කොට සිටියේ ශ්‍රී ලාංකික අහාර ප්‍රනීත වන අතර, තමන් චීස් රොටී වලට වැඩි කැමැත්තක් දක්වන බවයි.

එමෙන්ම ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන Claire Moore කියා සිටියේ තමන් ලාංකික ක්‍රමයට පිසූ දැල්ලන් සහිත අහාර සඳහා ඇල්මක් දක්වන බවයි.

Sydney Thunder ක්‍රීඩිකාවන්ට චමරි අතපත්තු සංවිධානය කල භෝජන සංග්‍රහයේ වීඩියෝව පහතින්

මෙම භෝජන සංග්‍රහයට එක් වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකා Ebony Hoskin පැවසුවේ, තමන් ශ්‍රී ලාංකික ක්‍රමයට සැකසු කුකුළු මස්, එළවළු සහ රොටි මිශ්‍රණයකින් යුත් Chicken Kottu Roti රස විඳි බවයි.

මේ අතර මින් පෙර කිසිදු දිනයක ශ්‍රී ලාංකික ආහාර රස විඳ නොතිබූ කඩුලු රකින ක්‍රීඩිකාවක වන Tahila Wilson මෙම අහර වේල පිරිනැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩිකා චමරි අතපත්තු හට සිය කෘතඥතාව පළ කළාය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තු සිය කණ්ඩායමේ සහෝදර ක්‍රීඩිකාවන් හට පිරිනැමූ මෙම ශ්‍රී ලාංකික අහාර වේල, කණ්ඩායම් බැඳීම තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වන අතර, මෙය සිය WBBL තරඟාවලිය අතරතුරදී ඔවුනට කිසිදා අමතක නොවන සංස්කෘතික අත්දැකීමක් වනු ඇත.


2 min read

Published

Updated

By Nipuna Dodangoda

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now