SKIP TO MAIN CONTENT

චමරි අතපත්තු ඕස්ට්‍රේලියාවේ දී වැඩ පෙන්වීම අරඹයි

WBBL - Sydney Thunder v Sydney Sixers
Chamari Athapaththu of the Thunder poses with the player of the match award during the WBBL match between Sydney Thunder and Sydney Sixers at North Sydney Oval, on October 22, 2023, in Sydney, Australia Credit: Mark Evans/Getty Images

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS


Skip to article content

චමරි අතපත්තුගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් දිනවල ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා බිග්බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (23 ඔක්;) පැවති තරගයෙන් ලකුණු 42ක ජයක් හිමි කර ගැනීමට සිඩ්නි තර්ඩර්ස් පිල සමත් වුහ. තරඟය සිඩ්නි සික්සර්ස් පිලට එරෙහිව පැවැත්වින.

 නෝර්ත් සිඩ්නිහිදී පැවති තරගයේදී, පළමුව පන්දුවට පහර දුන් තන්ඩර්ස් පිල කඩුලු 5ක් දැවී ලකුණු 190ක් රැස් කළ අතර, ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් චමරි අතපත්තු හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 52ක් රැස් කලාය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල සිඩ්නි සික්සර්ස් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 148ක් පමණි.

ප්‍රතිවාදී කණ්ඩායම හමුවේ දක්ෂ පන්දු යැවීමක නිරත වූ චමරි අතපත්තු ලකුණු 20කට කඩුලු 3ක් බිඳ හෙළූ අතර, තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ද සම්මාන දිනා ගත්තාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now