SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා සංචිතයෙන් චන්දිමාල් සහ තිසර ඉවතට.

Chandimal and Thisara dropped from SL Squad.
Source: espncricinfo

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Sri Lanka Cricket



Skip to article content

සිම්බාබ්වේ ක්‍රිකට් පිලට එරෙහිව එළඹෙන ජුනි 30 වන දින ගාල්ලේදී ආරම්භ වීමට නියමිත තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග දෙකට නම් කළ 13 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා එක්දින සංචිතයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක දිනේෂ් චන්දිමාල් සහ තිසර පෙරේරා ඉවත්කර තිබේ.

නමුත් ක්‍රීඩා අමාත්‍යවරයා සමග වාදයකට පැටලී ඇති සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මෙම සංචිතයට ඇතුළත්ව සිටියි.

ඒ අනුව චන්දිමාල්ගේ පුරප්පාඩුවට ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ නායකයා ලෙස කටයුතු කළ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග මෙම සංචිතයට ඇතුළත් කර ඇත.

19 හැවිරිදි වනිඳු වමතින් දඟ පන්දු යවන දක්‍ෂ පිතිකරුවෙක් ලෙස ප්‍රසිද්ධය.

පිට දඟ පන්දු යවන 23 හැවිරිදි අකිල ධනංජය වසර පහකට පමණ පසු නැවතත් මෙම තරගාවලියට කැඳවා ඇති අතර 24 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු මධුසංඛ ද සංචිතයට ඇතුළත්ව සිටියි.

මීට අමතරව ආබාධයකට ලක්ව සිටි වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර මෙම සංචිතයට ඇතුළත්ව සිටීම කැපී පෙනේ.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ (27/06) පස්වරුවේ කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යංශයට කැඳවා ශාරීරික යෝග්‍යතාව පිළිබඳව උපදෙස් ලබාදී සංචිතයට අත්සන් තබා ඇති බව දැනගන්නට තිබේ.

ශ්‍රී ලංකා සංචිතය:

ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග (උප නායක), නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, වනිඳු හසරංග, ලක්‍ෂාන් සඳකැන්, අකිල ධනංජය, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර සහ ළහිරු මධුසංඛ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now