SKIP TO MAIN CONTENT

චන්දිමාල් ඇතුළට, රංගන එළියට.

Chandimal in, Rangana out.
Source: AFP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

නියුමෝනියා රෝගයෙන් පෙළුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් අගෝස්තු 03 වන දින කොළඹ SSC පිටියේදී පැවැත්වීමට නියමිත ඉන්දු - ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයට සහභාගී වීමට බොහෝ දුරට ඉඩ ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංග ගුරුසිංහ මහතා පවසයි.

නමුත් ප්‍රථම ටෙස්ට් තරගයේදී හටගත් ඇඟිල්ලේ ආබාධය නිසා ශ්‍රී ලංකාවේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ට දෙවැනි ටෙස්ට් තරගය අහිමිවීමේ අවදානමක් පවතින බවද ඔහු පැවසීය.

කෙසේවෙතත්, රංගන ගේ තත්ත්වය පිලිබඳ අවසාන මිනිත්තුව තෙක් බලා සිටින බවද  ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු වැඩි දුරටත් පැවසීය.

මේ අතර ශීකර් ධවාන් ලබා දුන් උඩ පන්දුවක් රැකගැනීමට යාම හේතුවෙන් ආබාධයකට ලක්ව සිටින අසේල ගුණරත්න හට ඉන්දීය තරගාවලියම අහිමි වී ඇති බැවින් අසේලගේ ස්ථානය ධනංජය ද සිල්වා ට හෝ ධනුෂ්ක ගුණතිලකට ලබා දීමට අදහස් කරන බවද හෙතෙම තව දුරටත් පැහැදිලි කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now