ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය නිමාවට පත් වන විට වැටී තිබු ශ්‍රී ලංකා පළමු ඉනිමට යලි පන ලබා දෙමින් ශක්තිමත් ඉනිමක් ගොඩ නගන්නට දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා ඊයේ (අගෝස්තු 14දා ) සමත් විය. ලකුණු 26කට කඩුලු 5ක් දැවීගොස් ශ්‍රී ලංකා ඉනිම ඉතා දුර්වල තත්වයක තිබියදී පිටියට පිවිසි චන්දිමාල් සහ ධනංජය ශතක දෙකක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 355ක් දක්වා වූ ස්ථාවර මට්ටමකට ගෙන එන්නට සමත් වීම විශේෂ සිදුවීමක්.
හයවැනි කඩුල්ල සදහා වාර්තාගත සබදතාවයක්
තම තුන්වන ටෙස්ට් තරගයට සහභාගී වන ධනංජය ද සිල්වා ලකුණු 129ක් වාර්තා කල අතර, තුන්වැනි ටෙස්ට් තරගයට සහභාගිවන ධනංජයගේ පළමු ටෙස්ට් ශතකය මෙයයි. චන්දිමාල් ඊයේ දිනයේදී ලකුණු 132කින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කරන්නට තම දායකත්වය ලබා දුන් අතර මෙය ඔහුගේ 7 වැනි ටෙස්ට් ශතකයයි. ටෙස්‌ට් තරගයක ලකුණු පනහකට අඩුවෙන් ලකුණු පුවරුවේ සටහන්ව තිබියදී පිතිකරුවන් යුගලක් හය වැනි කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ ඉහළම සබඳතාව සටහන් කළ දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා ලකුණු 211 ක ගොඩ නගන්නට සමත් විය. මීට පෙර ලකුණු පනහකට අඩුවෙන් පළමු කඩුලු පහම අහිමිව තිබියදී හය වැනි කඩුල්ලේ වටිනාම සබඳතාව සටහන් කර තිබුණේ පකිස්‌තානයේ ඉන්සමාම් උල් හක් සහ අබ්දුල් රසාක් වන අතර ඔවුන් දෙදෙනා 2000 වසරේදී කොදෙව්වන්ට එරෙහිව ලකුණු 206 ක සබදතාවයක් ගොඩනගන්නට සමත් වී තිබිණි.
රංගන හේරත්ගෙන් අගනා ඉනිමක්
ලොව තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර ප්‍රමුඛ පෙලේ ක්‍රීඩකයෙක් වන රංගන හේරත් ඊයේ දිනයේදී චන්දිමාල් සමග ලකුණු 73ක සබදතාවයක් ගොඩනගමින් ලකුණු 33ක් වාර්තා කරන්නට සමත් විය. පන්දුවට පහර දෙන අතරතුර Josh Hazlewood එවූ පන්දුවක් වැදීම හේතුවෙන් රංගන හේරත් හට පිටියෙන් ඉවත් වීමට සිදු වූ අතර ඔහු නැවතත් පිටියට පිවිසියේ පන්දු රැකීමටයි.
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යැවීමේදී Mitchell Starc කඩුලු 5ක් දවාගත් අතර, Nathan Lyon කඩුලු 3ක් දවාගන්නට සමත් විය.
තරගයේ දෙවැනි දිනය නිමාවට පත්වන විට ඕස්ට්‍රේලියාව තම පළමු ඉනිම සදහා එක කඩුල්ලක් පමණක් දැවී ලකුණු 141 ක් ලබා සිටි අතර, මුළු ලකුණු සංඛ්‍යාව 21ක්ව තිබියදී ධනංජය සිල්වා යැවූ පන්දුවකට දිල්රුවන් පෙරේරා අතට උඩ පන්දුවක් ලබාදීමෙන් David Warner පිටියෙන් ඉවත් විය. තරගයේ දෙවැනි දිනය නිමාවට පත් වන විට නොදැවී කඩුල්ලේ රැදී සිටි ඕස්ට්‍රේලියානු නායක Steven Smith ලකුණු 61යි Shaun Marsh ලකුණු 64යි.