වසර ගණනක් තාවකාලික වීසා වල සිටි පුහුණු සේවකයින්ට PR මාර්ග පුළුල් කරන්න, රජයෙන් වෙනස්කම් රැසක්

ඕස්ට්‍රේලියාවේ Employer Nomination Schem සහ Regional Sponsored Migration Scheme යන වීසා කාණ්ඩ වල TRT ප්‍රවාහයන් සඳහා වෙනස්කම්

Growing calls for Australia to abolish its skilled occupation list for temporary and permanent resident applications

Source: SBS / SBS Sinhala

ඕස්ට්‍රේලියාව තුල සිටින පුහුණු සේවකයින් බොහෝ කලක් පුරා තාවකාලික වීසා වල රැඳී සිටීම අඩු කිරීම අරමුණු කරගනිමින් 2023 වසරේ නොවැම්බර් 25 වැනිදා සිට ඕස්ට්‍රේලියාවේ වීසා කාණ්ඩ කිහිපයක වෙනස්කම් සිදු කොට තිබේ.

මෙම වෙනස්කම් ඔස්සේ ප්‍රධාන වශයෙන් Employer Nomination Schem සහ Regional Sponsored Migration Scheme යන වීසා කාණ්ඩ වල TRT ප්‍රවාහයන් සඳහා වන රැකියා අවශ්‍යතා වෙනස්කොට ඇති බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

Australian Visa
Australian Visa Source: Getty / Getty Images

රැකියා අවශ්‍යතාවන්හි වෙනස්කම් සිදු වන වීසා කාණ්ඩ

  • Employer Nomination Scheme (ENS) visa (subclass 186) හි Temporary Residence Transition Stream
  • Regional Sponsored Migration Scheme (RSMS) visa (subclass 187) හි Temporary Residence Transition Stream

මේ අනුව ඉදිරියේදී අදාළ වීසා කාණ්ඩ වලට අයදුම් කිරීමේදී, ඕස්ට්‍රේලියානු නිපුණතා රැකියා ලැයිස්තුව හෙවත් Skilled occupation list එක තුල අදාළ රැකියා ලයිස්තුගතකොට තිබීම අනිවාර්ය නොවේ.

නමුත්, නම් කරන ලද රැකියාව Australian and New Zealand Standard Classification of Occupations (ANZSCO) හි ලැයිස්තුගත වී තිබීමට අවශ්‍ය වන අතර, නම් කරන ලද සේවකයාට ඔවුන්ගේ නම් කරන ලද රැකියාවේ අඛණ්ඩව කටයුතු සිදු කිරීමට අවශ්‍ය වනු ඇත.

Australia visa application
Flag of Australia , visa application form and passport on table Source: iStockphoto / mirsad sarajlic/Getty Images/iStockphoto

ඔබට අදාළ වීසා වැඩසටහන සඳහා සුදුසුකම් හිමිවන "නිපුණතා රැකියා ලැයිස්තුව" සඳහා පිවිසෙන්න

ඕස්ට්‍රේලියාවේ තාවකාලිකව වෙසෙන නිපුණතා වීසා බලපත්‍රලාභීන් සඳහා ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා වන මාර්ග බොහෝ විට සීමිත වේ.

ඒ ඔස්සේ පැන නැගී තිබෙන ගැටළුවක් වන ‘permanently temporary’ හෙවත් 'තාවකාලික වීසා මත බොහෝ කලක් සිටින' පිරිස අවම කිරීම මෙම වීසා වෙනස්කම් හි අරමුණ වන බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව කියා සිටී.


2 min read

Published

Updated

By Nipuna Dodangoda

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now