ඔස්ට්‍රේලියාවේ Resident Return Visa වල වෙනසක්. (SBS සිංහල /වාර්තා)

ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන් හට මෙම වීසා ඛාණ්ඩය අන්තර්ජාලය ඔස්සේ අයදුම් කිරීමට නොහැකි අතර ඔවුන් අංක 1085 දරණ පෝරමය ලිඛිතව පුරවා ළඟම පිහිටි ඔස්ට්‍රේලියානු ආගමන හා දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයට (ඔස්ට්‍රේලියාවෙන් පිටත පිහිටි) තැපැල් කළ යුතු වේ.

Changes to Resident Return Visa lodgement

Source: Department of Immigration and Border Protection

Resident Return Visas (RRV) නොහොත් නේවාසික ප්‍රත්‍යාගමන වීසා වල අයදුම් කිරීමේ ක්‍රියාවලියේ වෙනසක් 2016 සැප්තැම්බර් 10 වන දින සිට ක්‍රියාත්මක කර ඇති බව ඔස්ට්‍රේලියානු ආගමන හා දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඔබේ ImmiAccount ගිණුම හරහා මෙම වීසා අයදුම් කිරීම දෙපාර්තමේන්තුව වඩාත් නිර්දේශ කරන ක්‍රමය වේ.

ඔස්ට්‍රේලියාව තුළ සිටින අයදුම්කරුවන් සඳහා

අංක 1085 දරණ පෝරමය හැරුණු විට වාචික සහ ලිඛිත අයදුම්පත් 2016 සැප්තැම්බර් 10 දිනෙන් පසුව භාවිත නොකරන බව ඔස්ට්‍රේලියානු ආගමන හා දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඔස්ට්‍රේලියාව තුළ සිටින අයදුම්කරුවන් හට මෙම වීසා ඛාණ්ඩය අන්තර්ජාලය ඔස්සේ අයදුම් කිරීමට නොහැකි අතර ඔවුන් අංක 1085 දරණ පෝරමය ලිඛිතව පුරවා පහත සඳහන් ලිපින වලින් එකකට තැපැල් කළ යුතුය.

Post

Resident Return Visa Application

Department of Immigration and Border Protection

GPO Box 9984

Sydney NSW 2001

හෝ

Courier

Resident Return Visa Application

Department of Immigration and Border Protection

26 Lee Street

Sydney NSW 2000

ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන් සඳහා

අංක 1085 දරණ පෝරමය හැරුණු විට ලිඛිත අයදුම්පත් 2016 සැප්තැම්බර් 10 දිනෙන් පසුව භාවිත නොකරන බව ඔස්ට්‍රේලියානු ආගමන හා දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන් හට මෙම වීසා ඛාණ්ඩය අන්තර්ජාලය ඔස්සේ අයදුම් කිරීමට නොහැකි අතර ඔවුන් අංක 1085 දරණ පෝරමය ලිඛිතව පුරවා ළඟම පිහිටි ඔස්ට්‍රේලියානු ආගමන හා දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයට (ඔස්ට්‍රේලියාවෙන් පිටත පිහිටි)  තැපැල් කළ යුතු වේ.

මෙම වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලියෙහි කිසිදු වෙනසක් සිදු නොකළ අතර පෙර පරිදීම එය ක්‍රියාත්මක වේ.

Resident Return Visa (RRV) නොහොත් නේවාසික ප්‍රත්‍යාගමන වීසා යනු කුමක්ද?

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය දැනට ලබා සිටින හෝ ස්ථිර පදිංචිය ලබා සිටි පුද්ගලයන් මෙන්ම ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා සිටි පුද්ගලයන් හට ඔස්ට්‍රේලියාවෙන් පිටත සංචාරය කර නැවත ස්ථිර පදිංචිකරුවකු ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණීමට මෙම Resident Return visa (subclasses 155 and 157) හෙවත් නේවාසික ප්‍රත්‍යාගමන වීසා උපයෝගී වේ.

මෙම වීසා ඛාණ්ඩය මගින් ඔබගේ ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය පවත්වාගැනීමට ඔබට හැකියාවක් ලබා දේ.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි අයට පමණක් ඔස්ට්‍රේලියාව තුළට කිසිදු වීසා වර්ගයක් නොමැතිව පැමිණිය හැකි නමුත් පුරවැසිභාවය අහිමි පුද්ගලයන් හට ඔස්ට්‍රේලියාවට පැමිණීමට හා රැදී සිටීමට වීසා අවශ්‍ය වේ.

 


Share

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Department of Immigration and Border Protection




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now