SKIP TO MAIN CONTENT

ජනරාල් ජගත් ජයසුරියට එරෙහි යුද අපරාධ චෝදනා ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතික්ෂේප කරයි.

Charges against Gen. Jayasuriya false: SL Military.
Source: www.army.lk

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

බ්‍රසීලයේ වත්මන් ශ්‍රී ලංකා තානාපති, ජනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව දකුණු ඇමෙරිකානු මානව හිමිකම් සංවිධාන කිහිපයක් නගා තිබෙන යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි.

මීට ඉහතදී ද ශ්‍රී ලංකාවේ රණවිරුවන්ට මෙවැනි චෝදනා එල්ලවූ නමුත් ශ්‍රී ලංකා යුද හමුදාව ලෙස ඒවා ප්‍රතික්ෂේප කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

බ්‍රසීලයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව දකුණු ඇමරිකා මානව හිමිකම් සංවිධානයක් මගින් යුද අපරාධ චෝදනා එල්ල කිරීම පිළිබඳව ඊයේ (30/08) කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේය.

කෙසේවෙතත්, මෙලෙස නඩු පැවරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශයට කිසිදු නිල දැනුම් දීමක් මෙතෙක් සිදු කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශ ප‍්‍රකාශිකා මහිෂිනී කොළොන්නේ මෙනවිය ඊයේ (30/08) පැවසුවාය.

එසේම බ‍්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ ජනරාල් ජගත් ජයසූරිය මහතාගේ දෙවසරක නිල කාලය මේවන විට අවසන්ව ඇතැයි විදේශ අමාත්‍යාංශයේ ප‍්‍රකාශිකාව වැඩිදුරටත් කියා සිටියාය.

ඒ අනුව සිය සේවා කාලය අවසන් වීමත් සමඟ ජනරාල් ජගත් ජයසූරිය මහතා මේවනවිට එරටින් පිටව ඊයේ (30/08) යළි ශ්‍රී ලංකාවට  පැමිණි බව ද මහිෂිනී කොළොන්නේ මෙනවිය පැවසුවාය.

2015 වසරේදී ජනරාල් ජගත් ජයසූරිය මහතා බ‍්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ධූරයට පත් කෙරුණු අතර ඊට අමතරව ඔහු කොළොම්බියාව ,පේරු ,චිලී ,ආර්ජන්ටිනාව සහ සූරිනේම් යන රටවල් හීද ශ්‍රී ලංකා තානාපති ධූරයේ කටයුතු කළේය. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now