SKIP TO MAIN CONTENT

විජයදාසයි සාගලයි ඉවත් කරන ලෙස චතුර ජනපතිගෙන් ඉල්ලයි.

Sri Lanka Politics
Source: Daily Mirror

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

නීතිය,සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සහ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එම අමාත්‍යධුරවලින් ඉවත් කරන ලෙස ගම්පහ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා ජනපතිගෙන් ඉල්ලා තිබෙන බව වාර්තා වේ.

දූෂණ හා වංචා කළ පුද්ගලයින්ට දඬුවම් ලබාදෙන බවට පොරොන්දු වී බලයට පැමිණි මෙම ආණ්ඩුවේ එම අමාත්‍යවරුන් දෙදෙනා පසුගිය වසර දෙක හමාර තුළ ජනතා අපේක්ෂාවන් ඉටුකිරීමට අසමත් වී ඇති බැවින් මෙම ඉල්ලීම කර ඇතැයි සඳහන්.

පසුගිය රජය සමයේ සිදුවූ බව කියන දූෂණ හා වංචා සම්බන්ධයෙන් විමර්ශන 82ක් සම්බන්ධයෙන් වාර්තා වුවද මේ වන තෙක් කිසිදු විමර්ශනයක් නිසි ලෙස අවසන් කර නොමැති බවද සේනාරත්න මහතා පැවසීය.

මෙය මහජනතාවගේ විශ්වාසය නැති වීමට හේතුවී ඇති නිසා සේනාරත්න මහතා සිවිල් සංවිධාන කිහිපයක් සමග මෙලෙස අදාළ අමාත්‍යවරුන් ඉවත් කරන ලෙස ජනපතිගෙන් ඉල්ලා තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now