ඔස්ට්‍රේලියාවේ කොවිඩ් බූස්ටර් මාත්‍රා සහ ප්‍රතිවයිරස් පෙති ලබා ගැනීම සඳහා ඔබත් සුදුසුද?

Omicron කොවිඩ් ප්‍රභේදයේ නව උප ප්‍රභේද වන BA.5 සහ BA.4 වෙතින් ඔස්ට්‍රේලියාව තුළ මෙම ශීත සෘතුවේදී නව කොවිඩ් රැල්ලක් මතුවෙමින් පවතියි.

Leading epidemiologists and health experts say COVID-19 booster doses and antiviral pills significantly reduce the severity and hospitalisation risk.

Leading epidemiologists and health experts say COVID-19 booster doses and antiviral pills significantly reduce the severity and hospitalisation risk. Source: Getty/Marca Piner

නව කොවිඩ් උප ප්‍රභේදයන් පෙර COVID-19 ආසාදනය වීමෙන් ඇතිවුණු සහ කොවිඩ් එන්නත් කිරීමෙන් ලැබුණු ප්‍රතිශක්තිය නොතකන බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

දත්ත වලට අනුව, එංගලන්තයේ වාර්තා වන මුළු දෛනික නව කොවිඩ් ආසාදිතයින්ගෙන් 25% කට සහ නිව්යෝර්ක්හි 18% කට කොවිඩ් වයිරසය නැවත ආසාදනය වී ඇත.

ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරිටරි එලෙස වයිරසය නැවත ආසාදනය වීමේ කාලය සති 12 සිට දින 28 දක්වා අඩු කර තිබේ.

මිනිසුන්ට පෙර ආසාදනය වී දින 28 ක් ඇතුළත වයිරසය නැවත ආසාදනය විය හැකි බව ඉන් අදහස් කෙරේ.

නව ප්‍රභේද ආසාදනය වීමෙන් වැළකීම

මුව ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම, නිතිපතා දෑත් sanitise කිරීම සහ ගතයුතු COVID-19 එන්නත් මාත්‍රා නිසි ලෙස ගැනීම වයිරසය ආසාදනය වීමෙන් හා දරුණු ලෙස රෝගාතුර වීමෙන් වැළකී සිටිය හැකි බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

මේ අතර ශීත ඍතු බූස්ටර් මාත්‍රාව වැඩිම අවදානමක් ඇති පුද්ගලයින්ගේ බරපතල ආසාදන අවදානම තවත් තුනෙන් දෙකකින් අඩු කරන බව ප්‍රමුඛ පෙළේ වසංගත රෝග විද්‍යාඥ මහාචාර්ය Catherine Bennett පවසයි.

සිව්වන කොවිඩ් එන්නත් මාත්‍රාව වයිරසය ආසාදනය වීමේ අවදානම 34% කින් ද, රෝහල්ගතවීම් 65% කින් ද සහ වයෝවෘද්ධ ඊශ්‍රායල ජාතිකයින්ගේ මරණ වලින් 72% කින් ද අඩු කර ඇති බව Tel Aviv විශ්ව විද්‍යාලය සහ Ben-Gurion විශ්ව විද්‍යාලය විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයකින් පෙන්නුම් කර තිබේ.

වයස අනුව ඒ ඒ පුද්ගලයින් සඳහා වත්මන් කොවිඩ් එන්නත් නිර්දේශය

  • 50+ - එන්නත් මාත්‍රා 4 ක්
  • 30-49 - එන්නත් මාත්‍රා 4 ක්, නමුත් සිව්වන මාත්‍රාව ගැනීමට අවස්ථාව ඇත
  • 16-29 - එන්නත් මාත්‍රා 3 ක්
  • 5-15 - එන්නත් මාත්‍රා 2 ක්
වයස අවුරුදු 12 සිට 15 දක්වා වයස් ඛාණ්ඩයේ  දැඩි ලෙස ප්‍රතිශක්තිකරණය හීන වූ අය ඇත්නම් හෝ සැලකිය යුතු හෝ සංකීර්ණ සෞඛ්‍ය අවශ්‍යතා සහිත ආබාධ සහිත නම් බූස්ටර් මාත්‍රාව ​​හෝ තුන්වන මාත්‍රාවක් ලබා ගැනීම නිර්දේශ කෙරේ.

තමන්ගේ තුන්වන හෝ පළමු බූස්ටර මාත්‍රාව මාස තුනකට පෙර ලබා ගත් පහත සඳහන් පුද්ගලයින් සඳහා සිව්වන මාත්‍රාව ලබාගත හැකිය:

  • වයස අවුරුදු 30 හෝ ඊට වැඩි පුද්ගලයින්
  • Aged care හෝ disability care මධ්‍යස්ථානයක වෙසෙන පුද්ගලයින්
  • දැඩි ලෙස ප්‍රතිශක්තිකරණය හීන පුද්ගලයින්
  • ඇබොර්ජීනියානු හෝ ටෝරස් දූපත් වැසියන් සහ වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයින් 
  • දරුණු COVID-19 රෝගාබාධ ඇතිවීමේ අවදානම වැඩි කරන සෞඛ්‍ය තත්ත්වයක් සහිත අවුරුදු 16 හෝ ඊට වැඩි පුද්ගලයින්
  • ආබාධ සහිත වයස අවුරුදු 16 හෝ ඊට වැඩි පුද්ගලයින්

COVID-19 ධනාත්මකවූ පුද්ගලයින් සඳහා ප්‍රතිකාර

වයිරසයක් හරහා නිරෝගී සෛල ආසාදනය වීම හෝ ශරීරය තුළ එය ගුණනය කිරීම ප්‍රතිවයිරස් ඖෂධ මගින් නවත්වයි.

සාමාන්‍යයෙන් දින පහක් ඇතුළත රෝග ලක්ෂණ ආරම්භ වූ වහාම මෙම ප්‍රතිවයිරස් COVID-19 ඖෂධ (lagevrio සහ paxlovid) ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දෙයි. මෙම ඖෂධ පෙති COVID-19 හි බරපතලකම අඩු කරන අතර රෝහල්ගත වීමේ අවදානම අඩු කරයි.

COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කරන පහත පුද්ගලයින්ට මෙම පෙති දැනට ලබා ගත හැකිය:

  1. වයස අවුරුදු 70 සහ ඊට වැඩි පුද්ගලයින්
  2. දරුණු රෝග සඳහා අවදානම් සාධක දෙකක් හෝ වැඩි ගණනක් ඇති වයස අවුරුදු 50 ක් වූ පුද්ගලයින්
  3. දරුණු රෝග සඳහා අවදානම් සාධක දෙකක් හෝ වැඩි ගණනක් ඇති ඇබෝර්ජීනියානු හෝ ටෝරස් දූපත් වාසීන්ගේ වයස අවුරුදු 30 සහ ඊට වැඩි පුද්ගලයින්
  4. වයස අවුරුදු 18 ට වැඩි ප්‍රතිශක්තිකරණය හීනවූ පුද්ගලයින්
දුසුකම් ලත් නිවැසියන්ට ඔවුන් ධනාත්මක බව පරීක්‍ෂා කළහොත් telehealth හරහා ඔවුන්ගේ පවුලේ වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කරන ලෙස උපදෙස් දී ඇත.

concession කාඩ්පත් හිමියන් සඳහා මෙම බොන පෙතිවල මිල ඩොලර් 10 ට අඩු වන අතර Pharmaceutical Benefits යෝජනා ක්‍රමයේ අනෙකුත් සුදුසුකම් ලත් පුද්ගලයින් සඳහා එය ඩොලර් 45 ට අඩු වේ.

ඕස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික සහ බහුභාෂා ප්‍රජාවන්ට සියලුම COVID-19 යාවත්කාලීන කිරීම් සැපයීමට SBS මාධ්‍ය ජාලය කැපවී සිටී. ඔස්ට්‍රේලියාවේ COVID-19 පිළිබඳ සිංහල භාෂාවෙන් නවතම තොරතුරු ඉදිරිපත් කරන SBS සිංහල ගුවන් විදුලියේ COVID-19 වෙබ් පිටුවට පිවිසී තොරතුරු දැනගෙන සෞඛ්‍ය සම්පන්නව සිටින්න.


Share

Published

By Sahil Makkar, Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service