SKIP TO MAIN CONTENT

ලංකාවේ මියගිය දෙමළ වැසියන් සිහිකිරීමට ඉන්දියාවෙන් තහනමක්.

Sri Lanka Politics
Source: Times of India

1 min read

Published

By Madhura Seneviratne

Source: NDTV



Skip to article content

ශ්‍රී ලංකාවේ  යුද්ධයේදී මියගිය දෙමළ වැසියන් සිහිපත් කිරීම සඳහා ඊයේ (21/05) සවස ඉන්දියාවේ  චෙන්නායි හි මරීනා වෙරළ තීරයේ සංවිධාන කර තිබූ සැමරුම් උළෙලක් පැවත්වීම චෙන්නායි  පොලීසිය විසින් වළක්වා ඇතැයි ඉන්දියාවේ NDTV  පුවත් සේවය පවසයි.

මෙලෙස තහනම් කරනු ලැබ ඇත්තේ කොටි හිතවාදී දකුණු ඉන්දීය දේශපාලනඥයකු වන  තිරුමුරුගන් ගාන්ධිගේ ප්‍රධානත්වයෙන් යුත් මැයි 17 ව්‍යාපාරය විසින් සංවිධාන කර තිබූ ඉටිපහන් දැල්වීමේ සැමරුම් උත්සවයකි.

සැමරුම් උත්සවය සංවිධාන කර ඇතැයි චෙන්නායි මධ්‍යම පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබූ අතර ඉන්පසු  චෙන්නායි පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ඊට සහභාගිවන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.

2003 වසරේ සිට මරීනා වෙරළ තීරය මෙවැනි විරෝධතා සැමරුම් සඳහා විවෘත නොවන හෙයින් මෙම සැමරුම් උත්සවය පැවැත්විය නොහැකි බව චෙන්නායි පොලීසිය දන්වා ඇත.

කෙසේ නමුත් සිය සැමරුම් උත්සවය  කෙසේ හෝ වෙනත් දිනයක පවත්වන බවයි මැයි 17 ව්‍යාපාරයේ කැඳවුම්කරු තිරුමුරුගන් ගාන්ධි ප්‍රකාශ කර ඇතැයි NDTV  පුවත්සේවය සඳහන් කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now