ජූලි 01 සිට ඔස්ට්‍රේලියාවේ Childcare ගාස්තු අඩුවෙන හැටි සහ childcare සේවකයින්ට ලැබෙන ප්‍රතිලාභ මෙන්න

එළඹෙන ජුලි මාසයේ සිට childcare සේවා වඩාත් දැරිය හැකි මිලකට ලබා දීම සඳහා වත්මන් කම්කරු පක්ෂ රජය ලබන මැයි 09 වනදින ඉදිරිපත් කිරීමට නියමිත ෆෙඩරල් අයවැයෙන් ඉදිරි වසර හතර සඳහා ඩොලර් බිලියන 55.31ක් වෙන් කරනු ඇත.

Childcare is about to get cheaper for 1.2 million families, thanks to the budget boost

Credit: AAP

ඔස්ට්‍රේලියානු පවුල් මිලියනයකට පමණ වඩා ඉක්මනින් අඩුම මිලකට childcare සේවා ලැබෙනු ඇතැයි මධ්‍යම රජය පවසයි.

එමෙන්ම තවත් early educators හෙවත් අමතර මුල් ළමාවිය පිළිබඳ අධ්‍යාපනඥයින් බඳවා ගැනීමටද මධ්‍යම රජය අමතර මුදලක් ද වෙන් කර ඇත.

ඔස්ට්‍රේලියානුවන්ට අඩුම මිලකට childcare සේවා

එළඹෙන ජුලි මාසයේ සිට childcare සේවා වඩාත් දැරිය හැකි මිලකට ලබා දීම සඳහා වත්මන් කම්කරු පක්ෂ රජය ලබන මැයි 09 වනදින ඉදිරිපත් කිරීමට නියමිත ෆෙඩරල් අයවැයෙන් ඉදිරි වසර හතර සඳහා ඩොලර් බිලියන 55.31ක් වෙන් කරනු ඇත.

පසුගිය මහ මැතිවරණයේදී කම්කරු පක්ෂය ලබාදුන් මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීම පිණිස රට පුරා පවුල් මිලියන 1.2 කට පමණ මෙම ප්‍රතිලාභය ලැබෙනු ඇත.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පවුල් 400,000 කට වැඩි සංඛ්‍යාවක්, වික්ටෝරියා ප්‍රාන්තයේ 302,100 ක් සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ පවුල් 284,100 ක් මෙම ප්‍රතිලාභය අත් විඳිනු ඇතැයි අපේක්ෂා කරයි.

$120,00 ක වාර්ෂික ආදායමක් ඇති සාමාන්‍ය පවුලකට සතියකට දින තුනක් තම දරුවාව childcare සේවාවකට යොමු කිරීමේදී මෙම වෙනස්කම් හරහා වසරකට ඩොලර් 1,700 ක පමණ ඉතිරියක් අත්කරදෙන බව මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Jason Clare පෙන්වා දුන්නේය.

ඔස්ට්‍රේලියාවේ ඉහළ උද්ධමනය පාලනය කිරීමට තමන් සටන් කරන විට ඉහළ යන ජීවන වියදමට විසඳුම් දීමේදී ප්‍රධාන සැලැස්මක් වන්නේ ලාභදායී childcare සේවාවක් ලබාදීම බව භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers පැවසීය.

මේ අතර ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව පොලී අනුපාත ඉහළ දැමීමෙන් පසු ඉහළ උද්ධමනය මැඩපැවැත්වීම සඳහා මධ්‍යම රජයට වියදම් පාලනය කිරීමට අවශ්‍ය බව විපක්ෂයේ මුල්‍ය කටයුතු පිළිබඳ නියෝජිත Jane Hume පැවසුවාය.

මුල් ළමාවිය අධ්‍යාපනඥයින් සහ childcare අංශයේ පුහුණුවටත් අමතර මුදල්

මුල් ළමාවිය අධ්‍යාපනඥයින් සහ childcare අංශයේ පුහුණුව සඳහා අරමුදල් සැපයීම පිණිස මධ්‍යම රජය වසර පහක් පුරාවට ඩොලර් මිලියන 72.4ක් වෙන් කරනු ඇත.

ප්‍රාදේශීය සහ දුරස්ථ සේවා සහ ස්වදේශික ඔස්ට්‍රේලියානු සංවිධාන කෙරෙහි අවධානය යොමු කරමින්, මුල් ළමාවිය අධ්‍යාපනඥයින් 80,000කට වැඩි පිරිසකට මෙම පැකේජයෙන් ප්‍රතිලාභ ලැබෙනු ඇත.

මුල් ළමාවිය සංවර්ධන හා childcare අංශයේ තනතුරු 75,000ක් නැවත පිරවීමට එම සේවා සපයන්නන්ට මෙම අරමුදල් ඉඩ සලසයි.

අධ්‍යාපනඥයින් 6,000ක් දක්වා රැකියා ස්ථානයේම තම ගුරු පුහුණුව සම්පූර්ණ කිරීම සඳහා මුල්‍යමය වශයෙන් සහාය ලබා දීමෙන් ඔවුන්ගේ කුසලතා ඉහළ නැංවීමට හැකි වනු ඇතැයිද මධ්‍යම රජය අපේක්ෂා කරයි.

සීමිත සැපයුමක් සහිත ප්‍රදේශයක නව family day care සේවාවක් පිහිටුවීම සඳහා ඩොලර් 900,000 දක්වා ප්‍රදානයක් සඳහා අයදුම් කිරීමට ඇතැම් සැපයුම්කරුවන් සුදුසුකම් ලබයි.


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: AAP




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now