එක්සත් ජාතීන්ගේ ප්රග්ඥප්තියට ඔස්ට්රේලියාව අත්සන් තබා මේ වන විට වසර 30ක් ගත වන අතර , UNICEF ඕස්ට්රේලියා හි Amy Lamoin පවසන්නේ සැම දරුවෙක්ටම වැඩිහිටියන්ට සමාන අයිතීන් ඇති බවත් පාසල් යාම, ප්රතිකාර ලබා ගැනීම , මිතුරන් සමග ක්රීඩා කිරීම, විවේක ගැනීම ආදී මෙම එදිනෙදා කටයුතු කිරීමට අයිතියක් ඇති බව

දරුවන්ගේ මානසික සෞඛ්‍ය
නමුත් UNICEF හි 5 වාර්ෂික නවතම වාර්තාව අනුව ඔස්ට්රේලියාව ළමා අයිතීන් සුරැකීම අතින් තවමත් පසුපසින් සිටී.
ගුණාත්මක අධ්යාපනයක් අතින් දරුවන්ට අවස්ථා ලැබෙනවා අඩුයි. එසේම දරුවන් අතර ආතතිය , කාංසාව ආදී මානසික ගැටළුද දක්නට ලැබේ. එසේම පැසිෆික් කලාපයේ රජය දේශගුණ විපර්යාසය කෙරේ දක්වන අඩු උනන්දුව නිසා දරුවන්ගේ අනාගත පරිසරය පිළිබදවද ගැටළුවක් මතුව ඇති බවද පැවසේ

ලිංගිකව අපයෝජනය
මේ අතර වසර 2016 ඕස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛන කාර්යාංශය විසින් සිදු කරන ලද Personal Safety Survey සමීක්ෂණයෙන් හෙළි ව තිබෙන්නේ වයස 15ට වඩා අඩු දරුවන් 8 දෙනෙකුගෙන් එක අයෙකුම ශාරීරිකව හෝ ලිංගිකව අපයෝජනයට ලක් ව ඇති බවයි
ඔස්ට්‍රේලියාව තුල ලිංගික සබදතා පැවැත්වීම සදහා කැමැත්ත පල කිරීමේ වයස අවුරුදු 16 ක් වන අතර ටස්මෙනියාව හා දකුණු ඔස්ට්‍රේලියාව තුල එය අවුරුදු 17ක් වේ

ජාතිය මුල් කරගෙන සිදුවන වෙනස්කම්
ඔස්ට්රේලියාව තුල දරුවන් 10 දෙනෙකුගෙන් එක අයෙකුම විදේශයකදී උපත ලැබූ අයයි . එසේම 6%ක් දරුවන් ආදීවාසී පසුබිමක් සහිතයි. නමුත් The Foundation for Young Australians. නම් සංවිධානය සිදු කල අධ්යනයකින් හෙළි වී ඇත්තේ ජාතිය මුල් කර ගෙන සිදුවන වෙනස්කම් වලට දරුවන් මුහුණ දෙන බවයි

එසේම දරුවන්ට වැඩිපුර අයිතීන් ලබා දුන් විට ඔවුන් වැඩිහිටියන්ට ගරු නොකරනු ඇති බවද වැඩිහිටියන් සිතන නිසා එසේ කුඩා කලම ඔවුන්ට අයිතීන් පිලිබදව දැනුමක් ලබා දීම තුලින් ඔවුන් ශක්තිමත් දරුවන් බවට පත් වෙන බවයි උපදේශකයින් පවසන්නේ
පහත ඇති දුරකථන අංක මගින් kidsline යන සේවාවේ සහය ලබා ගැනීමට ඔබටත් හැකියි
Kidsline on 1800 55 1800, Lifeline on 13 11 14


