SKIP TO MAIN CONTENT

චීන - ඕස්ට්‍රේලියා වෙළඳ අර්බුදය තවත් උණුසුම් වෙයි. ඕස්ට්‍රේලියාවේ ගල් අඟුරු ගැනීම සූක්ෂම ලෙස වලක්වාලීමට චීනය ක්‍රියා කරයි

China has a history of slowing Australian coal imports to support its own coal industry.
China has formalised import restrictions targeting Australia’s coal export industry. Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

ඕස්ට්‍රේලියාවේ ඩොලර් බිලියන 14 ක ගල් අඟුරු අපනයන කර්මාන්තය අවහිර කරලීම ඉලක්ක කර ගනිමින් චීනය තම ආනයන රේගු  නීති සංශෝධනය කොට ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

චීනයේ , ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් ප්‍රධාන බලශක්ති උත්පාදන සමාගම් 10 ක් හමුවී ඔවුන්   ගල් අඟුරු ආනයනය කිරීමේදී එම භාණ්ඩ රේගු නීතිවලින් මුදා හැරීමට අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව  ඕස්ට්‍රේලියානු ගල් අඟුරු මිලදී ගැනීමට මෙම සමාගම් ඉදිරිපත් නොවනු ඇත.

එසේම චීනය මින් ඉදිරියට ගල් අඟුරු ආනයනය සඳහා, මොන්ගෝලියාව, ඉන්දුනීසියාව සහ රුසියාවට ආනයනය කිරීමට ප්‍රමුඛත්වය දෙනු ඇතැයි වාර්තා වේ.

චීනය විසින් ආනයනික සමාගම් වෙත ලබාදුන් මෙම භාණ්ඩ මුදා හැරීමේ සීමා ලිහිල් කිරීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු ගල් අඟුරු ටොන් මිලියන සිය ගණනක් ඉතිරි වී තිබේන බවද වාර්තා වේ.

 

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now