SKIP TO MAIN CONTENT

ලෝකයේ ප්‍රමුඛයා බවට පත්වීමට චීනයට කාලය උදාවී ඇත : චීන ජනාධිපති කොමියුනිස්ට් පක්ෂ මහ සමුළුවේදී කියයි.

China Communist Party congress
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

වසර 05 කට වරක් පැවැත්වෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ මහ සභා රැස්වීම 19 වන වරටත් පක්ෂ නියෝජිතයින් 2000 කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් බීජිං නුවරදී  ඊයේ ආරම්භ විය.

දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ පැවැත්වෙන මෙම සමුළුව ලබන අඟහරුවාදා දක්වා පැවැත්වෙන බව වාර්තා වේ.

ඊයේ දිනයේදී  චීන ජනාධිපති ෂී ජින්පින් පැය 03 කට අධික කාලයක් එම සමුළුව ඇමතු බවද සඳහන්.

තම පාලනය යටතේ චීනය ලබා ඇති ප්‍රගතිය විශිෂ්ඨ බවත් චීනය ලෝකයේ ප්‍රමුඛයා බවට පත්වී කටයුතු කළ යුතු කාලය දැන් එළැඹ ඇති බවත් ඔහු එහිදී  සඳහන් කළේය.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now