SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ සංවර්ධනට චීනයෙන් තවත් යුවාන් බිලියන 2ක්.

Sri Lanka Politics
Source: Daily News

2 min read

Published

By Madhura Seneviratne

Source: Daily News



Skip to article content

මේ වසරේ ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දෙන චීන යුවාන් මිලියන 400ක ආධාර මුදලට අමතරව, 2018 – 2020 කාලය සඳහා චීන යුවාන් බිලියන 2 ක ආධාර ලබා දීමට චීනය කටයුතු කරන බව මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති XI Jinping පැවසීය.

ඊයේ (16/05) පස්වරුවේ බෙයිජිං නුවර චීන මහජන මහා ශාලාවේ දී ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස හමුවෙමින් XI Jinping මහතා පැවසූයේ ශ්‍රී ලංකාවේ ජාතික සමගිය, සංහිඳියාව සහ ආර්ථික සංවර්ධනය සඳහා පූර්ණ සහාය ලබා දීමට චීනය ක්‍රියා කරන බවය.

චීන - ශ්‍රී ලංකා තානාපති සබඳතාවන්ට වසර 60 ක් සහ රබර් - සහල් ගිවිසුමට වසර 65 ක් පිරෙන මේ වසරේ පැරැණි සබඳතාවන් තව තවත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියට ගෙන යෑමේ අවශ්‍යතාව ද චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ එක් තීරයක් – එක් මාවතක් මහා සමුළුව සංවිධානය කිරීම සහ මේ වසරේ මුල දී ඩාවොස් ලෝක ආර්ථික සමුළුවට චීන ජනාධිපතිවරයා සහභාගී වීම කාලීන අවශ්‍යතාවක් බවය.

පොදු සංවර්ධනය හා සමෘද්ධිය ලබා ගත හැක්කේ ජාත්‍යන්තර එකමුතුව හරහා බව චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය. එමගින් ගෝලීයකරණයේ අහිත කර ප්‍රතිඵල අවම කර ගැනීමට අවකාශ සැලසෙන බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්යයන් සහ ආයෝජනයන් සඳහා චීනය ලබා දෙන සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සිය කෘතඥතාවය චීනය වෙත පිරිනමා සිටියේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now