SKIP TO MAIN CONTENT

දකුණු චීන මුහුද සම්බන්ධයෙන් වගකීම් විරහිත ප්‍රකාශ නිකුත් නොකරන ලෙස චීනය ඔස්ට්‍රේලියාවට දැනුම් දෙයි.

South China Sea Dispute
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

දකුණු චීන මුහුද සම්බන්ධයෙන් වගකීම් විරහිත ප්‍රකාශ නිකුත් නොකරන ලෙස චීනය ඔස්ට්‍රේලියාවට දැනුම් දෙයි.

චීන යුධ ක්‍රියාකාරකම් හේතුවෙන් දකුණු චීන මුහුදේ ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බවට සටහන් කරමින් ඔස්ට්‍රේලියාව විසින් විදේශ ප්‍රතිපත්ති ප්‍රකාශයක් නිකුත් කිරීමත් සමග මේ තත්ත්වය උද්ගත වී ඇත.

මෙම කරුනේදී ඔස්ට්‍රේලියාව කිසිදු පාර්ශවයක් නොගත යුතු බවත් ඊට හේතුව එය ඔස්ට්‍රේලියාවට සෘජුව බල නොපාන කරුණක් බවත් චීන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය පවසයි.

දකුණු චීන මුහුදේ අයිතිය සම්බන්ධයෙන් පසුගිය සමයේ සිට අග්නි දිග ආසියානු කලාපයේ රටවල් 4 ක් අතර විවිධ මත ගැටුම් උත්සන්න වෙමින් පැවතුණි.

මෙම තත්ත්වයේදී ඔස්ට්‍රේලියාව තමන්ගේ කටයුතු පිළිබඳ අවධානය යොමු කරන්නේ නම් වඩාත් යෝග්‍ය බව  චීන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ විශේෂ නියෝජිත  Lu Kang පවසයි.

මේ අතර ඔස්ට්‍රේලියාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ එල්ලවූ විවේචන ඔස්ට්‍රේලියානු විදේශ ඇමතිනී ජූලි බිෂොප් හෙළා දැක තිබේ.

මේ පිළිබඳ චීනයේ ජ්‍යෙෂ්ඨ බලධාරීන් සමග ඇය සිදුකළ සාකච්ඡා ධනාත්මක බව ඇමතිනී ජූලි බිෂොප්, ABC පුවත් සේවයට පැවසුවාය.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now