Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

කොරෝනා නිසා චීන - ඇමරිකා ගින්න යලිත් ඇවිලෙන ලකුණු: මැයි 27දා SBS සිංහල සේවයේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්

මැයි 27 වන බ්‍රහස්පතින්දා SBS සිංහල වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අන්තර්ගතය, යාවත්කාලීන වූ තොරතුරුද ඇතුලත්ව කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ

US President Joe Biden (AAP)
US President Joe Biden (AAP) Source: AAP

 


Highlights

  • අද(27) මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා ප්‍රාන්තය දින 7 කට lockdown
  • මෙල්බර්න්හි සිට පැමිණෙන්නන්ට දකුණු ඕස්ට්‍රේලියා දේශසීමා වැසේ 
  • වික්ටෝරියා ප්‍රාන්තයේ වන කොරෝනා ව්‍යාප්තියේ ඇරඹුම දකුණු ඕස්ට්‍රේලියව බව තහවුරු වේ
  • ශ්‍රී ලංකාවේ කොරෝනා මරණත් ආසාදිතයිනුත් අඛණ්ඩව ඉහල මට්ටමක
  • කොරෝනා වෛරස ඇරඹුම ගැන නිසි වාර්තාවක් සඳහා ඇමරිකා ජනපති බුද්ධි අංශ යොදවයි 
  • IPL ක්‍රිකට් තරඟාවලියේ දෙවන අදියර සැප්තැම්බර් මසදී

අද(27) මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා ප්‍රාන්තය දින 7 කට lockdown

පසුගිය පැය 24ක කාලය තුලදී සිදු කල පරීක්ෂණ 40,000 කින් පමණ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතුරින් නව කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වන සක්‍රීය කොරෝනා ආසාදිතයින් සංක්‍යාව 34 දක්වා ඉහල ගොස් තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ උද්ගතව ඇති කොරෝනා වෛරස අවදානම් තත්වය මත එම ප්‍රාන්තය තුල හදිසි Lockdown තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එම ප්‍රාන්ත රජය පියවර ගත්තේය

අද(27) මධ්‍යම රාත්‍රියේ සිට සිට දින 7ක කාලයක් දක්වා වික්ටෝරියා ප්‍රාන්තය Lockdown තත්වය බලපැවැත්වෙන අතර

  • ආහාර පාන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා
  • අවසරලත් රැකියා සහ රාජකාරි කටයුතු සඳහා
  • යම් පුද්ගලයෙකුව රැක බලාගැනීම සඳහා
  • උපරිම පැය 2 ක කාල සීමාවකට තවත් එක් පුද්ගලයෙකු සමග පමණක් ව්‍යායාම් කිරීම සඳහා
  • කොරෝනා එන්නත ලබාගැනීම සඳහා

යන හේතූන් සඳහා පමණක් නිවසින් බැහැරට යාමට හැකි වේ.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වනවිට පවතින තත්වය සම්බන්ධයෙන් යම් ආන්දෝලනාත්මක තත්වයක් මතුවෙමින් පවතින අතර ඊට ප්‍රතිචාර දක්වමින් වික්ටෝරියානු ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Brett Sutton ඊයේ (26) දිනයේදී සඳහන් කොට සිටියේ මේ වනවිට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සියලුම දෙනා හට වෛරසය සම්ප්‍රේෂණය වූ අයුරු හඳුනාගෙන ඇති අතර එක් කොරෝනා වෛරස දාමයක් පමණක් සම්බන්ධයෙන් තවමත් සැක සහිත බවයි.

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දකුණු ප්‍රදේශයේ පිහිටි Tooleybuc ප්‍රදේශයේ Sporting club එකකකට සම්බන්ධ සාමාජිකයින් හට සෞඛ්‍ය අනතුරු ඇඟවීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් කටයුතු කොට තිබේ.

මෙම පිරිස වික්ටෝරියා ප්‍රාන්තයේ Cohuna ප්‍රදේශයේ ක්‍රීඩා උත්සවයකට සහභාගී වී ඇති අතර එම උත්සවයට සහභාගී වූ පුද්ගලයකු හට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට පසුව තහවුරු වීම මීට හේතුවයි.

මෙම ප්‍රදේශයේ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා පහසුකම් කඩිනමින් සලසන බව නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීන් සඳහන් කොට සිටී.

මෙල්බර්න්හි සිට පැමිණෙන්නන්ට දකුණු ඕස්ට්‍රේලියා දේශසීමා වැසේ

පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ග්‍රේටර් මෙල්බර්න්හි සිට පැමිණෙන පිරිස සඳහා සිය ප්‍රාන්ත දේශසීමා වසාදැමීමට දකුණු ඕස්ට්‍රේලියා බලධාරීන් පියවර ගෙන තිබේ.

මෙල්බර්න් හි සිට පැමිණෙන දකුණු ඕස්ට්‍රේලියානු වැසියන් හට පමණක් නැවතත් දකුණු ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට අවසර පවතින අතර එම පිරිස දින 14ක අනිවර්ය නිරෝධායනයකට යොමු විය යුතු වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම ප්‍රාන්ත මහජන සෞඛ්‍ය නිලධාරී Nicola Spurrier පෙන්වා දෙන්නේ මෙම දේශ සීමා නීති කෙතරම් කාලයක් පවතීද යන්න පිළිබඳව නිශ්චිත වශයෙන් සඳහන් කල නොහැකි බවයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ වන කොරෝනා ව්‍යාප්තියේ ඇරඹුම දකුණු ඕස්ට්‍රේලියව බව තහවුරු වේ

වික්ටෝරියා ප්‍රාන්තයෙන් මේ වනවිට සිදුවෙමින් පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය සඳහා සිය ප්‍රාන්තයේ නිරෝධායන හෝටලයකදී සිදු වූ වෛරස සම්ප්‍රේෂණයක් හේතු වී ඇති බව දකුණු ඕස්ට්‍රේලියානු බලධාරීන් පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ එම නිරෝධායන හෝටල් පරිශ්‍රය තුලදී, වෙනත් අසාදිත පුද්ගලයකුගෙන් පිටවූ කුඩා වෛරස අංශු වාතය ඔස්සේ ගමන් කොට එමගින් මෙම වික්ටෝරියානු වැසියා හට සම්ප්‍රේෂණය වී ඇති බවයි.

මෙම වික්ටෝරියානු වැසියා සිය නිරෝධායන කාලසීමාව අවසන් වී වික්ටෝරියා ප්‍රාන්තයට යාමෙන් අනතුරුව සිදු කල පරීක්ෂණ ඔස්සේ කොරෝනා වෛරසයට ධනාත්මක වී තිබේ.

දකුණු ඕස්ට්‍රේලියානු බලධාරීන් සඳහන් කොට සිටින්නේ මෙම පුද්ගලයා ඉන්දියාවේ සිට පැමිණි තවත් පුද්ගලයකුගේ යාබද කාමරයක නිරෝධායනය වෙමින් සිට ඇති අතර එම කාලය අතරතුරදී මෙම වෛරස සම්ප්‍රේෂණය වී ඇති බවට පරීක්ෂණ ඔස්සේ නිගමනය කල බවයි.

ශ්‍රී ලංකාවේ කොරෝනා මරණත් ආසාදිතයිනුත් අඛණ්ඩව ඉහල මට්ටමක

ඊයේ (26) දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරස අසාදිත පුද්ගලයින් 2325 දෙනෙකු ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති අතර එත් සමග ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා අසාදිත සංක්‍යාව 172.225ක් දක්වා ඉහල ගොස් තිබේ.

එමෙන්ම ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආශ්‍රිත මරණ 29 ක් වාර්තා වී ඇති අතර ඊ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංක්‍යාව 1.298 දක්වා ඉහල ගොස් තිබේ.

මේ අතර චීනය ප්‍රදානය කරන ලද සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක තොගයක් ඊයේ ශ්‍රී ලංකාවට ලඟා වී තිබේ. එමෙන්ම මෙම එන්නත් මාත්‍රා තවත් මිලියන 2ක් පමණ ලබන ජුනි මසදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබේ.

මෙලෙස ලැබුණු සයිනොෆාම් එන්නත් ඊයේ (26) දිනයේ සිටම ජනතාවට ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කොට තිබේ.

කොරෝනා වෛරස ඇරඹුම ගැන නිසි වාර්තාවක් සඳහා ඇමරිකා ජනපති බුද්ධි අංශ යොදවයි

කොරෝනා වෛරසයේ අරම්හය සම්බන්ධයෙන් නව පරීක්ෂණයක් අවශ්‍ය බව ඇමරිකා වත්මන් ජනපති Joe Biden සඳහන් කරයි.

මෙම වෛරයේ ආරම්භය සත්‍ය ලෙසම සතුන් මාර්ගයෙන් සිදුව ඇත්ද යන්න සහ රසායනාගාරයක සිදු වූ සිදුවීමක්ද යන්න පිළිබඳව තවමත් ගැටළුවක් පවතින අතර මේ පිළිබඳව නිසි පරීක්ෂණ සිදුකරන ලෙස ඇමරිකා ජනපතිවරයා එරට බුද්ධි අංශ වෙත දැනුම් දී තිබේ. එමෙන්ම ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරි දින 90 ඇතුලත තමන්ට ලබාදෙන ලෙසද ඇමරිකා ජනපතිවරයා අදාළ අංශ වෙත දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් ධවල මදිරයේදී සිදු කල නිවේදනයකදී ඇමරිකා නියෝජ්‍ය මාධ්‍ය ලේකම් Karine Jean සඳහන් කොට සිටියේ මෙම පරීක්ෂණ සඳහා චීනයේ දැඩි සහ විවුර්ත සහායක් අවශ්‍ය වන බවයි.

IPL ක්‍රිකට් තරඟාවලියේ දෙවන අදියර සැප්තැම්බර් මසදී

IPL ක්‍රිකට් තරඟාවලියේ දෙවන අදියර සැප්තැම්බර් මසදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට තීරණය කොට තිබේ.

පවතින කොරෝනා තත්වය හමුවේ IPL 20 20 ක්‍රිකට් තරඟාවලියේ දෙවන අදියර කල් දැමීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් පියවර ගත්තේය. මේ හේතුවෙන් මෙම තරඟාවලියේ දෙවන අදියර ලබන සැප්තැම්බර් මස 18වැනිදා හෝ 19 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට සැලසුම් කොට ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

IPL තරඟාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට හැකියාව පවතින බව මීට පෙර ශ්‍රී ලංකාව සඳහන් කොට තිබුනද මෙම තරඟාවලිය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය තොර ගැනීමට එම බලධාරීන් පියවර ගෙන තිබේ.

මෙම තරඟාවලියේ දෙවන අදියර සති 3ක කාලයක් ඇතුලත නිමා කිරීම අරමුණ වන බව එම තරංග සංවිධායකයින් පවසයි.


5 min read

Published

Updated

By Nipuna Dodangoda



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now