SKIP TO MAIN CONTENT

කම්කරු පක්ෂ නායක Bill Shorten සමග දිවා භෝජනයකට සහභාගී වීමට චීනයෙන් ඩොලර් 55,000 ක්.

Australian Opposition Leader Bill Shorten.
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

කම්කරු පක්ෂ නායක Bill Shorten සමග දිවා භෝජනයකට සහභාගී වීම වෙනුවෙන් කම්කරු පක්ෂයේ සෙනට් සභික Sam Dastyari හට චීන දේශපාලන ආධාර ලෙස ඩොලර් 55,000 ක් ගෙවා ඇති බව හෙළිවී තිබේ.

කම්කරු පක්ෂයට ලබා දුන් Huang Xiangmo නමැති චීන ජාතිකයාගේ දේශපාලන ආධාර පිළිබඳ මීට පෙර කම්කරු පක්ෂය විසින් තොරතුරු අනවරණය කරනු ලැබූ නමුත් එය කම්කරු පක්ෂ නායකයා සමග දිවා භෝජනයකට ද ඈදී ඇති බව ABC පුවත් සේවය වාර්තා කරයි.

2015 වසරේදී මෙම සිදුවීම සිදුව ඇති බවත් චීන - ඔස්ට්‍රේලියානු වෙළෙඳ ගිවිසුම පිළිබඳව එහිදී සාකච්ඡා කළ බවත් ඔවුන් වැඩිදුර වාර්තා කරයි.

Huang Xiangmo සමග කම්කරු පක්ෂයේ සෙනට් සභික Sam Dastyari ගේ ඇති සම්බන්ධතාව නිසා ඔහුව නෙරපීමට කම්කරු පක්ෂ නායකත්වය සූදානම් වන අවස්ථාවේදී මේ තොරතුරු අනාවරණය වී තිබේ.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now