තම ව්‍යාපාර ඉලක්ක කරමින් ඕස්ට්‍රේලියානු ඇතැම් මාධ්‍ය සිදුකරන ප්‍රචාර අසත්‍යයි, චීන තානාපති කාර්යාලයෙන් දැඩි විරෝධයක් (SBS සිංහල / වාර්තා)

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කැන්බරා හි චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ තම රටේ ව්‍යාපාර සහ ආයතන පිළිබඳව ඕස්ට්‍රේලියානු මාධ්‍ය මගින් සිදුකරන ප්‍රචාර ද්වේශසහගත බවයි.

China and Australia flags

China and Australia flags Source: AAP

කොරෝනා වෛරසය ව්‍යාප්ත වන මූලික අවධියේදී, චීන ව්‍යාපාර, ඕස්ට්‍රේලියාවෙන් ආරක්ෂක උපකරණ මිළට ගෙන චීනයට ආනයනය කල බවට ඇතැම් ඔස්ට්‍ර්ලියානු මාධ්‍ය පසුගියදා සඳහන් කොට තිබිණ. නමුත් එම තොරතුරු අසත්‍ය වන අතර ඒ සම්බන්ධයෙන්  සිය බලවත් විරෝධය පළකරන බව චීන තානාපති කාර්යාලය සිය නිවේදනයේ සඳහන් කොට තිබේ.

Sydney Morning Herald සහ  News Corp යන මාධ්‍ය ආයතන මගින් පසුගිය සති අන්තයේදී වාර්තා කොට තිබුනේ චීන සමාගම් මගින්, ආසන්න වශයෙන් ඔස්ට්‍ර්ලියානු ඩොලර් බිලියන 2ක පමණ වටිනාකමින් යුත් මුහුණු ආවරණ සහ ආරක්ෂක ඇඳුම් විශාල ප්‍රමාණයක් ජනවාරි සහ පෙබරවාරි මාස වලදී මෙලෙස මිළට ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් චීනයෙන් ඔස්ට්‍රේලියාවට ආරක්ෂක උපකරණ ආනයනය කරමින් පවතින තරතුර විවිධ ඕස්ට්‍ර්ලියානු මාධ්‍ය මගින් චීන දෙශීය සමාගම් අපකීර්තියට පත්කිරීමේ උත්සාහයක නිරත වීම කණගාටුවට කරුණක් බව කැන්බරා හි චීන තානාපති කාර්‍යාලයේ නියෝජිතයෙකු සඳහන්කොට තිබේ.

එසේම ඔස්ට්‍ර්ලියානු මාධ්‍ය  මගින් ජනතාව නොමග යැවීමක් මෙම පුවත් මගින් සිදුකොට ඇති බවත් චීන සමාගම් මගින් එවකට සිදු කල මිළට ගැනීම් මානුෂීය ක්‍රියාවලියක් වන අතර එය ඕස්ට්‍රේලියානු මාධ්‍ය මගින් නින්දා සහගත ක්‍රියාවක් ලෙස හුවා දක්වා ඇති බවත් පසුගිය සඳුදා (06) නිකුත් කල මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

පසුගිය ජනවාරි සහ පෙබරවාරි යන මාස තුළදී මුහුණු ආවරණ සහ ආරක්ෂක උපකරණ චීනයට ආනයනය කිරීම නින්දා සහගත ක්‍රියාවක්  ලෙස හුවා  දක්වන්නේනම් මේ වන විට ඕස්ට්‍රේලියානු සමාගම් විසින් චීනයෙන් සිදුකරන ආනයන පිළිබඳව වන නිර්වචනය කුමක්දැයි චීන තානාපති කාර්යාලය එම නිවේදනය ඔස්සේ ප්‍රශ්ණ කර තිබේ.

එමෙන්ම මෙවැනි මොහොතක ද්වේශසහගත ලෙස අසත්‍ය ප්‍රචාර ගෙන යාමට වඩා අන්‍යෝන්‍යාධාර සහ සාමුහිකත්වය අවශ්‍ය බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර, බහු සංස්කෘතික අමාත්‍ය Jason Wood  චීන “තෙත් වෙළඳපොල” හෙවත් පොදු වෙළඳපොල COVID-19 වෛරසය හටගැනීමට ප්‍රධාන මුලාශ්‍රයක් වී ඇතැයි බවට හැඟවෙන සඳහනක් තම ෆේස්බුක් පිටුවේ පළ කිරීම දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ.

Jason Wood during Question Time in the House of Representatives at Parliament House
Jason Wood has been criticised for his view on Chinese wet markets Source: AAP
නමුත්, තමාට දිගින් දිගටම එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් බහු සංස්කෘතික අමාත්‍යවරයා පවසන්නේ චීන තෙත් වෙළඳපොල වසා දැමීමට කල ඉල්ලීම, තමා සත්ව හිංසනය සැලකිල්ලට ගනිමින්  සිදු කළ සඳහනක් ලෙසයි.

පසුගිය ඉරිදා ඔහු සඳහන් කලේ පවතින අර්බුධය හමුවේ ඕස්ට්‍රේලියානු චීන ප්‍රජාව සහ චීන ජනතාවට සහය දැක්විය යුතු බවයි.

එසේම ඕස්ට්‍ර්ලියාවට ටොන් 100 කට ආසන්න ප්‍රමාණයක් වූ වෛද්‍ය සැපයුම්  අපනයනය කිරීමට චීන තෙත් වෙළඳපොළවල් සහ චීන ව්‍යාපාර වලට ඉඩදීමේ චීන රජයේ කාර්යභාරය අමතක කල නොහැකි බවද අමාත්‍යවරයා සඳහන් කොට තිබේ.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාවෙන් චීනයට වෛද්‍ය සැපයුම් නැව්ගත කිරීම හා සබැඳි පුවතක් පිළිබඳව හුවා දක්වමින් අමාත්‍යවරයා සඳහන් කොට ඇත්තේ චීනය සිදුකල එම ක්‍රියාව නින්දා සහගත බවයි.

.
. Source: SBS Sinhala radio

Share

Published

By Nipuna Dodangoda

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service