Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

කොදෙව්වන්ට එංගලන්තයට එරෙහිව කඩුලු 6ක ජයක්

ක්‍රිස් ගේල් ගේ වාර්තාගත ශතකය සමගින් කොදෙව්වන්ට එංගලන්තයට එරෙහිව කඩුලු 6ක ජයක්

Chris Gale
West Indies's Chris Gayle celebrates after scoring his century Source: Getty Images

මෙවර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බටහිර ඉන්දීය කොදෙව් කාණ්ඩයම ඊයේ මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේදී එංගලන්තය සමගින් තරග වැදුණු අතර, ක්‍රිස්ගේල්  කොදෙව් ඉනිම තුල පන්දු 47කදී වාර්තා කල, වාර්තාගත ශතකයත් සමගින් එම තරගයෙන් කඩුලු  6ක ජයක් අත්කරගන්න්ට කොදෙව් කණ්ඩායම සමත් විය. මෙම තරගයේ කාසියේ වාසිය හිමි කරගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ වාරය  එංගලන්තයට ලබාදුන් අතර එහිදී ලකුණු 182 ක් වාර්තා කරන්නට එංගලන්ත පිතිකරුවන් සමත් විය.

අනතුරව පිළිතුරු ඉනිම ආරම්භ කල කොදෙව් පිතිකරුව පන්දුවාර 18කුත් එක පන්දුවක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 183ක් වාර්තා කරමින් තරගයේ ජය සහතික කරගන්නට සමත් විය. කොදෙව් ජයග්‍රහණයේ ගෞරවය ක්‍රිස් ගේල්  හට හිමිවිය යුතු අතර ඔහු පන්දු 47කදී නොදැවී වාර්තා කල ශතකය T 20 තරගයකදී වාර්තා වූ තෙවැනි වේගවත්ම ශතකය ලෙස වාර්තා අතරට එක්විය. එමෙන්ම එංගලන්තය සහ කොදෙව් දේශය අතර පැවති 20-20 තරග 13ක් අතරින් 9ක ජය කොදෙව්වන්ට හිමිවී ඇති අතර, කොදෙව්වන් කණ්ඩායමකට එරෙහිව වාර්තා කල වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාව ලෙසත් එය වාර්තා අතරට එක්ව තිබේ. තවද එංගලන්තය කණ්ඩායමක් හමුවේ ලබා ඇති වැඩිම 20-20 තරග පරාජ සංඛ්‍යාව ලෙසත් එය වාර්තා අතරට එක්ව තිබේ.

අද තරග බිමට

2016 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය යටතේ අද ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය ඉන්දියාවේ කල්කටා  හිදී තරග බිමට පිවිසීමට නියමිතයි.


2 min read

Published



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now