නාවුරු සහ මානුස් දූපත් වල පිහිටි සරණාගත මධ්‍යස්ථාන වල සිටින වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය සරණාගතයින්ව Christmas දූපතට පිටත් කර හැරීම Christmas දූපතේ හිටපු රැදවියෙකු සහ ශල්‍ය වෛද්‍යවරයෙකු වන වෛද්‍ය Munjed Al Muderis දැඩි ලෙස විවේචනය කරයි.
Christmas දූපතේ සිටින සේවා කණ්ඩායම් සහ රැඳවුම් මධ්‍යස්ථානයට බරපතල සෞඛ්‍ය ගැටළු සහිත සරණාගතයින්ව සුවපත් කිරීමේ හැකියාවක් නොමැති බව ඔහු පැහැදිලි කරයි.
Christmas දූපතේ තමන් රඳවා සිටි අවධියේ තමා ලද අත්දැකීම් ආශ්‍රයෙන් මේ බව පැවසිය හැකි බව ඔහු පෙන්වා දෙයි.
වර්තාමානයේ වුවද Christmas දූපතේ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානය වෛද්‍ය මධ්‍යස්ථානයක් ලෙස අත්‍යවශ්‍ය සෞඛ්‍ය අංගෝපාංග වලින් සමන්විත නොවන බවද වෛද්‍ය Munjed පවසයි.

මේ අතර Christmas දූපතේ පිහිටි ආගමන රැඳවුම් මධ්‍යස්ථානය නැවත විවෘත කරන බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නිවේදනය කළද තවමත් ඒ පිළිබඳ Christmas දූපතේ ජනතාවට නිල වශයෙන් දැනුම් දී නොමැති බව Christmas දූපතේ ප්‍රධානී Gordon Thomson පවසයි.
මේ තත්ත්වය හමුවේ Christmas දූපතේ ආර්ථික අනාගතය පිළිබඳ සාකච්ඡා කිරීමට අගමැති මොරිසන් වෙත දැනුම්දුන් නමුත් ඔහුගෙන් ඊට තවමත් පිළිතුරක් නොලැබුණු බව Christmas දූපතේ ප්‍රධානී Gordon Thomson, ABC පුවත් වෙත පැවසීය.
මේ අතර ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison ඊයේ Christmas දූපතේ ආගමන රැඳවුම් මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීමේ අරමුණින් Christmas දූපතේ නිල සංචාරයක නිරතවිය.
මේ අනුව අගමැති ධුරය හොබවන විටදී Christmas දූපතේ සංචාරයක නිරතවූ ඔස්ට්‍රේලියාවේ ප්‍රථම අගමැතිවරයා ලෙස Scott Morrison ඉතිහාසගත විය.
මෙම නිරීක්ෂණ චාරිකාවට අගමැතිවරයා සමග ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය David Coleman සහ ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ අංශයේ කොමදෝරුවරුන් මෙන්ම ජනමාධ්‍යවේදීන් ද සහභාගී වුහ.

මානුස් සහ නාවුරු දූපත් වල සිටින වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය සරණාගතයින් Christmas දූපතේ ආගමන රැඳවුම් මධ්‍යස්ථානය වෙත පිටත් කර හැරීම සහ ඔවුන්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් වසර 4 කට ඩොලර් බිලියන 1.44 ක් වෙන් කර ඇති බව පැවසෙයි.
Christmas දූපතේ ආගමන රැඳවුම් මධ්‍යස්ථානය නැවත විවෘත කිරීමත් සමග නීති විරෝධී සංක්‍රමණිකයින් රැගත් යාත්‍රා නැවත වරක් ඔස්ට්‍රේලියාවට පැමිණීමට පටන් ගනී දැයි මාධ්‍යවේදීන් එහිදී අගමැති මොරිසන්ගෙන් විමසීය.
තමන් අගමැතිවරයා ලෙසත් Peter Dutton ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසත් සිටින තෙක් එය සිදු නොවන බව ඔහු ඊට පිළිතුරු ලෙස පැවසීය.

