චීනයේ වුහාන් සිට රැගෙනවිත් නිරෝධායනය සඳහා ක්‍රිස්මස් දුපතේ රඳවා සිටි පිරිස ඉන් පිටවීමට සැරසෙයි (SBS සිංහල / වාර්තා)

s

Source: AAP

චීනයේ සිට ක්‍රිස්මස් දුපත වෙත රැගෙන ආ ඕස්ට්‍රේලියානුවන් 200 දෙනෙකු පමණ දින 14ක නිරෝධායනයෙන් පසුව ඔස්ට්‍රේලියාව බලා අද පැමිණෙන බවට වාර්තා පවසයි . මොවුන් සියලු දෙනාටම කිසිදු කොරෝනා වයිරස් රෝග ලක්ෂණ නොමැති බවට තහවුරු වී තිබේ. නමුත් මධ්‍යම රජය ඔවුන් ගේ පැමිණීම පිළිබද තොරතුරු හෙළි කොට නොමැත. ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසන්නේ රජය ඔවුන් සෞඛ්‍යමය වශයෙන් නිදහස් කල පසු ඔවුන් නැවත රටට පැමිණෙන බවයි.

මේ අතර ඕස්ට්‍රේලියානු බෝවන රෝග විශේෂඥයකු ජපානයේ යොකොහාමා හි Diamond Princess නෞකාවේ සිරවී සිටින ජනයා හට ආධාර සපයන කණ්ඩායමට එක් වීමට ගොස් ඇති බවද වාර්තා වේ.

මේ වන විට ඇමෙරිකාව විසින් මෙම නෞකාවේ සිටින ඇමෙරිකානුවන් ගෙන්වා ගැනීම සදහා ගුවන් යානයක් යැවීමට සුදානම් වේ. චීනයෙන් පිටත වැඩිම ආසාධිතයන් පිරිසක් සිටින ස්ථානය මෙම නෞකාව වේ.

එසේම Tokyo හි ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාල නිලධාරීන් විසින් එම නෞකාවේ සිටින ඕස්ට්‍රේලියානුවන්ට email පණිවිඩ මගින් සදහන් කර ඇත්තේ රජය ඔවුන්ට උපකාර කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන බවත් එම නෞකාවේ සෞඛ්‍ය නිලධාරීන්ටද සහය දීමට කාටයුතු කරන බවයි.

මේ අතර NSW health පවසා ඇත්තේ සිඩ්නි වෙත සමහර මගී නෞකා වලින් පැමිණෙන පිරිස් ද ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබද පරීක්ෂා වලට ලක් කිරීමට කටයුතු යොදා ඇති බවයි. මෙසේ සිඩ්නි පර්යන්තයට පැමිණෙන මගී නෞකා වල තර්ජනය පිළිබද අධ්‍යනය කිරීමෙන් පසුව ඒවාට හා ඒවායේ මගීන්ට ඇතුල් වීමට අවසර ලබා දේ. එසේම රජය විසින් සති 2කට පනවා තිබු චීනයේ සිට පැමිණෙන සංචාරක තහනම තවත් සතියකින් දීර්ඝ කිරීම නිසා විශ්ව විද්‍යාල හා චීන ජනයා පැමිණෙන ව්‍යාපාරද අපහසුවට පත්ව තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී Tedros Adhanom Ghebreyesus පවසන්නේ මෙම තත්වයෙන් පැහැදිලි වන්නේ ගෝලීයව ජනයා වසංගත තත්වයකට සුදානම්ව නොසිටි බවයි. මීට පෙරද වසංගත පැතිර ගිය විට ඒවා වැලක්වීමට මුදල් යෙදුවද ඉන් පසු එය අමතක කර දැමු බවත් ඒවා නැවත ඇති වීම වැලක්වීමට පියවර නොගත් බවත් ඔහු පවසයි.

එසේම ලෝකය ත්‍රස්ත ප්‍රහාරයකට මීට වඩා සුදානම් වුවත් ඊට වඩා ගෝලීයව තර්ජනයක් විය හැකි මෙවන් වයිරස  ප්‍රහාරයකට සුදානම් නොවූ බවත් ඔහු පවසයි.

ඕස්ට්‍රේලියාවේ Covid -19 ආසාධිත 15 දෙනාගෙන් 6 දෙනෙකු සුවය ලබා ඇති අතර අනෙල් 9 දෙනා ස්ථාවර ලෙස සිටී. චීනයේ මේ වන විට 68500කට මෙය ආසාධිත අතර 1665 දෙනෙකු පමණ මිය ගොස් තිබේ.

Source: SBS News


2 min read

Published

Updated

By Charitha Adikari


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now