Key Points
- Darwin ඕස්ට්‍රේලියාවේ අධිකමඋණුසුමක් සහිත නගරය වනු ඇත, නමුත් Perth සහ Brisbane ද සෙල්සියස් අංශක 30 ක් දක්වා උණුසුම් විය හැක.
- නත්තල් දිනයේදී ඇතැම් ඕස්ට්‍රේලියානු නගරවල වැසි ඇති වේ යැයි පුරෝකථනය කොට තිබේ.
- සාමාන්‍යය තත්වයට වඩා උණුසුම් ගිම්හානයක් පුරෝකථනය කර ඇති නමුත් නත්තල් දිනයේ අධික උණුසුමක් පවතී යැයි පුරෝකථනය කොට නොමැත.
නත්තල් දිනයේදී, උණුසුම් දිවා ආහාරයක් හෝ සිසිල් දිවා ආහාරයක් ගන්නේද එසේත් නැතිනම් එළිමහනේ හෝ ගෘහස්ථව දිවා ආහාරය ගන්නේද යන්න නත්තල් දින සැමරුම් සිදුකිරීම සඳහා සූදානම් වන ඕස්ට්‍රේලියානුවන් අනිවාර්යයෙන්ම සලකා බලයි.
නත්තල් දිනයේදී නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල කුණාටු සහිත විය හැකි බවට අනාවැකි පලව තිබේ.
නමුත් නත්තලට තව සතියක් ඉතිරිව ඇති අතර, ඕස්ට්‍රේලියාවේ සෙසු ප්‍රාන්ත සහ ටෙරිටරි වල නත්තල් දිනයේදී යහපත් කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ Angus Hines පවසයි.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයට බලපෑ Jasper නිවර්තන සුළි කුණාටුව එම ප්‍රන්තයට ගංවතුර තත්වයක් ඇතිකළ නමුත් මෙම තත්වය පහව යනු ඇති බවට අපේක්ෂා කෙරේ.

ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශය මගින් දෙසැම්බර් මස 25 වැනි දින ඕස්ට්‍රේලියාවේ අගනගර සඳහා පුරෝකථනය කොට ඇති කාලගුණ අනාවැකිය පහතින් වේ.
නත්තල් කාලගුණ අනාවැකිය
Sydney
ඉහළම උෂ්ණත්වය 26C, අවම උෂ්ණත්වය 19C.
වලාකුළු සහිත වන අතර වැසි ඇති වීමට වැඩි ඉඩකඩක් පවතී, මද සුළං තත්වයක් පවතී.
Melbourne
ඉහළම උෂ්ණත්වය 21C, අවම උෂ්ණත්වය 15C.
වැසි ඇති වීමට ඉඩ ඇති අතර අර්ධ වශයෙන් වළාකුළු සහිතයි.
Brisbane
ඉහළම උෂ්ණත්වය 32C, අවම උෂ්ණත්වය 22C.
අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවා කාලයේ මද සුළං තත්වයක් පවතී.
Perth
ඉහළම උෂ්ණත්වය 32C, අවම උෂ්ණත්වය 21C.
අර්ධ වශයෙන් වළාකුළු සහිත දිනයකි.
Adelaide
ඉහළම උෂ්ණත්වය 24C, අවම උෂ්ණත්වය 13C.
අර්ධ වශයෙන් වළාකුළු සහිත දිනයකි.
Canberra
ඉහළම උෂ්ණත්වය 24C, අවම උෂ්ණත්වය 13C.
වැසි ඇති වීමට ඉඩ ඇති අතර අර්ධ වශයෙන් වළාකුළු සහිත දිනයකි.
Hobart
ඉහළම උෂ්ණත්වය 18C, අවම උෂ්ණත්වය 11C.
වලාකුළු සහිත, වැසි ඇති වීමට ඉඩ පවතින දිනයකි.
Darwin
ඉහළම උෂ්ණත්වය 36C, අවම උෂ්ණත්වය 28C.
අපරභාගයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇති අතර අර්ධ වශයෙන් වළාකුළු සහිත දිනයකි.

2023 වසරේ ගිම්හාන කාලය, උතුරු අර්ධගෝලයේ වාර්තා වූ ඉහලම උණුසුමක් සහිත ගිම්හානය වශයෙන් සැලකේ.
ඕස්ට්‍රේලියාවට උණුසුම් ගිම්හානයක් පුරෝකථනය කර ඇති අතර, කෙසේ නමුත් මෙවර නත්තල් දිනයේදී බොහෝ දුරකට සාමාන්‍ය මට්ටමේ උෂ්ණත්වයක් පවතින බවට වාර්තා වේ.
Weatherzone සමාගම වාර්තා කරන පරිදි, මෑත ඉතිහාසයේදී නත්තල් දිනයේ උණුසුම්ම නගරය වශයෙන් 2021 දී Perth නගරය වාර්තා වූ අතර එය සෙල්සියස් අංශක 42.8C ක් වශයෙන් වාර්තා විය.
————————————————————————————————————————————-
ඕස්ට්‍රේලියාවේ නවතම තොරතුරු දැනගන්න SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න
————————————————————————————————————————————-
Heatwaves හෙවත් අධික තාප තරංග
බටහිර ඕස්ට්‍රේලියාවේ Kimberley ප්‍රදේශයේ සහ Darwin ඇතුළු නොදෙර්න් ටෙරිටරියේ උතුරු ප්‍රදේශයේ ඇතැම් ප්‍රදේශවලට heatwave හෙවත් අධික තාප තරංග තත්වයන් කාලගුණ විද්‍යා කාර්යාංශය පුරෝකථනය කර තිබේ.
එමෙන්ම ඉහල මට්ටමේ සිට අඩු තීව්‍රතාවයකින් යුත් heatwave හෙවත් තාප තරංග තත්ව නොදෙර්න් ටෙරිටරියේ මධ්‍යම ප්‍රදේශයට / බටහිර ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයට සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වයඹදිග ප්‍රදේශවලට බලපෑ හැකි බවටද අනාවැකි පලව තිබේ.
*******************************************************************************
SBS සිංහල ගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා --- පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
රූපවාහිනියේ channel 38 (SBS Radio 2)
රූපවාහිනියේ channel 305 (SBS Pop Desi)
අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala
SBS Audio APP (Free)
SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය

