සිඩ්නි නුවර උස ගොඩනැගිලි ඉදිකිරීමේ සීමාව ඉවත දමා තවත් මීටර් 100කින් උස් ගොඩනැගිලි ඉදිකිරීමේ සැලැස්මක් (SBS සිංහල/ වාර්තා)

s

Source: ABC Australia

දැනට සිඩ්නි නුවර නගර මධ්‍යයේ ඉදිකිරීම් සදහා තිබු තහනම ඉවත් කොට අලුතින් මීටර් 100ක් පමණ උස ගොඩනැගිලි ඉදිකිරීමට සැලැස්මක් ඉදිරිපත් වේ තිබේ. දැනට මීටර් 235ක් වන මෙම සීමාව ඉවත් කිරීමෙන් Barangaroo, central දුම්රිය ස්ථානය Circular Quay හා Town Hall වැනි ස්ථාන වල මීටර් 330ක් පමණ උස ගොඩනැගිලි සදහා අවස්තාව ලැබේ.
වසර ගණනක් තිස්සේ සිඩ්නි නුවර Sydney Tower එකට එනම් මීටර් 309ට වඩා උස ගොඩනැගිලි ඉදිකිරීම තහනම් කොට තිබුණි.

නමුත් Crown Casino හි කුලුන මීටර් 275ක් වන ලෙස සැදීමට අවසර ලැබී තිබිණ. Urban Taskforce හි Tom Forrest පවසන්නේ 1980 දශකයේ centrepoint සිඩ්නි කුලුනට වඩා උස ගොඩනැගිලි සැදීම නැවත්වුවත් ඒ නිසා සිඩ්නි නගරයේ දියුණුවට බාධා ඇති වූ බවයි.
සිඩ්නි නගරාධිපතිනි Clover Moore පවසන්නේ මෙම සැලැස්ම මගින් සිඩ්නි හි වර්ධනය හා ස්වාභාවික හිරු එළියත් වරායේ දර්ශනත් නොමැකෙන ලෙස කටයුතු කල යුතු බවයි.
s
The Star's proposed $529 million luxury hotel and residential tower at Pyrmont was last year rejected for its excessive height. Source: ABC Australia
වසර 2036 වන විට සිඩ්නි මධ්‍යම නගරයට දිනකට මිලියන් 2ක ජනතාවක් පැමිණෙන බවට අපේක්ෂා කෙරෙන නිසා ඊට සරිලන ලෙස මෙම ඉදිකිරීන් සිදු කල යුතු බව ඇය පවසනවා. එසේම එමගින් ප්‍රධාන පොදු ස්ථාන වැසී නොයාම ටද කටයුතු කෙරෙනු ඇති.

එසේම නගරය තුල නව ඉදිකිරීම් සදහා 3%ක බදු අය කිරීම මගින් වසරකට ඩොලර් මිලියන 40ක් උපයා ගැනීමට ද කවුන්සිලය බලාපොරොත්තු වේ.
නමුත් ලිබරල් කවුන්සිල සාමාජික Craig Chung පවසන්නේ මෙමගින් කුඩා ව්‍යාපාර වලට අවාසියක් විය හැකි බවයි.

ඒ ඩොලර් 200,000කට වඩා වැඩි ඉදිකිරීමක් කරන ව්‍යාපාර වලට තෙගුණයක් බදු ගෙවීමට සිදු වන නිසා.

නමුත් සිඩ්නි නගරාධිපති පවසන්නේ එම බදු සිඩ්නි හි, Liverpool, Newcastle, Chatswood හා  Parramatta වැනි කවුන්සිල හා සමාන බවයි.

Source: ABC News


Share

Published

By Charitha Adikari

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service