අවංක රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට Rio ඔලිම්පික් උළෙලට සහභාගී වීමේ වරම් (වාර්තා / SBS සිංහල)

තහනම් උත්තේජක චෝදනා ලැබ වරදකරුවන් බවට පත් වූ රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මෙවර ඔලිම්පික් උළෙලට සහභාගී වීමට අවස්ථාව හිමි නොවන අතර, අනෙකුත් පිරිසුදු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඒ සදහා සහභාගිවීමට අවස්ථාව හිමිවනු ඇති. තවද මෙවර ඔලිම්පික් උළෙලේදී තරග බිමට පිවිසෙන රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක පිළිබද දැඩි පරික්ෂාවට භාජනය වනු ඇති බවද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසයි.

Russian Long jumper Darya Klishina

Darya Klishina from Russia competes in the women's long jump event at the National track and field championships at a stadium in Cheboksary, Russia Source: AP Photo/Nikolai Alexandrov

රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්  හට තහනම් උත්තේජක චෝදනා හේතුවෙන් කොන්දේසි විරහිත තහනමක් පැනවිය යුතු බව, තහනම් උත්තේජක පිළිබද ජාත්‍යන්තර ඒජන්සිය (WADA ) ප්‍රකාශ කල අතර, අවංක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එමගින් අසාධාරණයක් සිදුවන නිසා එම තීරණය ක්‍රියාත්මක නොකිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC )  තීරණය කර තිබේ. රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක භාවිත කිරීමේ චෝදනා පිලිබදව සොයාබැලූ McLaren ස්වාධින වාර්තාවෙන් අනතුරුව WADA ආයතනය රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්  හට  කොන්දේසි විරහිත තහනමක් පැනවිය යුතු බව ප්‍රකාශ කළේය. නමුත් සමස්තයක් වශයෙන් එවැනි තහනමක් පැනවීම අවංක සහ පිරිසුදු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අසාධාරණ ක්‍රියාවක් වන බැවින්, එක් එක්  ක්‍රීඩාවන්ට අදාල ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලන වල නීතිරීති වලට අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට Rio ඔලිම්පික් උළෙලට සහභාගී වීමේ අවස්ථාව උදා  කර දීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ.

 ඒ අනුව තහනම් උත්තේජක චෝදනා ලැබ  වරදකරුවන් බවට පත් වූ රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මෙවර ඔලිම්පික් උළෙලට සහභාගී වීමට අවස්ථාව හිමි නොවන අතර, අනෙකුත් පිරිසුදු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඒ සදහා සහභාගිවීමට අවස්ථාව හිමිවනු ඇති. තවද මෙවර ඔලිම්පික් උළෙලේදී තරග බිමට පිවිසෙන රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක පිළිබද දැඩි පරික්ෂාවට භාජනය වනු ඇති  බවද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසයි.

 තහනම් උත්තේජක භාවිතය සම්බන්ධයෙන් වූ ගැටළු රුසියාවට පමණක් සීමාවූ කාරණයක් නොවන බවත් එය මැඩලීමට සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවම එක විය යුතු බවත්, මේ පිලිබදව අදහස් දක්වන, රුසියානු ක්‍රීඩා අමාත්‍ය Vitaly Mutko පවසයි. තවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ගත්  තීරණයට තමන් ගරු කරන බවත් ඔහු වැඩි දුරටත් සදහන් කරයි.  මේ පිලිබදව අදහස් දක්වන රුසියානු බලධාරීන් පවසන්නේ, රුසියාවට එල්ල වන මෙම තහනම් උත්තේජක චෝදනා, තම රටට එරෙහි බටහිර රටවල කුමන්ත්‍රණ වල එක්  පියවරක් බවයි.

 කෙසේ වෙතත් රුසියානු ධජය යටතේ මෙවර ඔලිම්පික් උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගී වීමට නොහැකි වනු ඇති බවට තිබු අවධානම මේ සමගින් ඉවත් වන අතර, ඔලිම්පික් උළෙලට දින කීපයක් තිබියදී හෝ අවංක රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට Rio  ඔලිම්පික් උළෙලට සහභාගී වීමේ වරම් හිමි වීම අස්වැසිල්ලට කාරණයක්.

ඔලිම්පික් ගම්මානයේ දෝෂ හේතුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම තාවකාලිකව හෝටල් වෙත

මේ අතර ඔලිම්පික් ගම්මානයේ ක්‍රීඩකයින් වාසය කරන නිවාස වල මතුව ඇති දෝෂ සහගත තත්වයන් හේතුවෙන්, ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට  තාවකාලිකව පදනම මත   හෝටල් වල නවාතැන්  පහසුකම් සැලසීමට Rio ඔලිම්පික් බලධාරීන් කටයුතු කර ඇති බව වාර්තා වෙයි. ඔලිම්පික් ගම්මානයේ නිවෙස් වල ඇතිව තිබෙන ජල  කාන්දුවීම්, වැසිකිලි පද්ධතියේ දෝෂ, විදුලි  පද්ධතියේ දෝෂ ආදී කරනා  කීපයක් යථා  තත්වයට පත් කරන තුරු මෙලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට හෝටල් වල දින කීපයක් සදහා නවාතැන්  පහසුකම් සලසා ඇතැයි වැඩි දුරටත් වාර්තා වෙයි. මෙම දෝෂ ඉක්මනින් අලුත් වැඩියා  කල හැකි කරණ  බව Rio  බලධාරීන් ප්‍රකාශ කල බව ඕස්ට්‍රේලියානු Rio ඔලිම්පික් කණ්ඩායමේ ප්‍රධානී  Kitty Chiller පවසයි. තවද මෙම කරනා  ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දක්ෂතා කෙරෙහි කිසිදු ආකාරයකින් බලපෑමක් සිදු නොකරන බවද ඇය  පවසයි.

 2016 ඔලිම්පික් ක්‍රීඩා උළෙල රටවල් 207ක සහභාගිත්වයෙන් අගෝස්තු 5දා  සිට 21දා  දක්වා බ්‍රසීලයේ Rio  De  Janiro නුවරදී පැවැත්වීමට  වීමට නියමිතයි.


3 min read

Published

Updated

By Sanjaya Dissanayake



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now