SKIP TO MAIN CONTENT

කොරෝනා හේතුවෙන් අතර මඟ නවතා දැමුණු ශ්‍රී ලංකා අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අද (10/08) සිට යළි ඇරඹේ

Club cricket in Sri Lanka is set to return Today
Club cricket in Sri Lanka is set to return Today (10/08) Source: Getty Images/Sergio Amiti

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

කොරෝනා වසංගතය හේතුවෙන් අතර මඟ නවතා දැමුණු ශ්‍රී ලංකාවේ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය යළිත් අද (10/08) සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

කොරෝනා වසංගතයයෙන් බලපෑම් ඇතිවීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආරම්භ කරනු ලබන පළමු ක්‍රිකට් තරග ඉසව්ව බවට පත්වන්නේ මෙම තරගාවලිය වන අතර එය ලබන අගෝස්තු 27 වන දින අවසන්වනු ඇත.

කොරෝනා වයිරස් තත්ත්වයෙන් ශ්‍රී ලංකාව ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීමත් සමඟ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අංශයේ උපදෙස් යටතේ මෙම ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

තරගවලට ක්‍රීඩා කිරීමේදී සෞඛ්‍ය අංශ විසින් ලබා දී තිබෙන උපදෙස් වලට අමතරව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රීඩාව කරගෙන යෑම සඳහා හඳුන්වා දී තිබෙන ප්‍රධාන උපදෙස් 4 ක් පිළිබඳව ද සියළුම කණ්ඩායම් දැනුවත් කර තිබේ.

පන්දුව සමඟ සම්බන්ධ වන හැකි සෑම අවස්ථාවකදීම දෑත් විෂබීජ නාෂක දමා විෂබීජහරණය කිරීම, පන්දුව ඇල්ලීමෙන් පසු ඇස් – නාසය සහ මුඛ ස්පර්ෂ නොකිරීම, පන්දුව පිරිමැදීමේදී කෙළ භාවිතා නොකිරීම සහ පන්දුව හැසිරවීමේදී විනිශ්චයකරුවන් අත්වැසුම් පැළඳීම ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු වීම එම උපදෙස් අතර ප්‍රධානය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now